නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් සහ ඩයලොග් ආසිආටා එක්වී ජයග‍්‍රාහකයන්ට iPhone 11 ජංගම දුරකථන පිරිනමයි

    February, 17, 2020

    නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් සහ ඩයලොග් ආසිආටා සමාගම එක්වීි ‘Pump Fuel and Win’ තරගයේ වාසනාවන්ත ජයග‍්‍රාහකයන් 3 දෙනෙකුට Apple iPhone 11 ජංගම දුරකථන පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම තරගය 2020 ජනවාරි 31 දිනෙන් අවසන් විය.

    ‘Pump Fuel and Win’ තරගයට සුදුසුකම් ලැබීම සඳහා සිදුකළ යුතු වූයේ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් භාවිතයෙන් රු. 2,500/- හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ඉන්ධන මිලදී ගැනීම පමණි. මෙහිදී මාස 3 කට වරක් ජයග‍්‍රාහකයන් තෝරාගෙන ඔවුන්ට වටිනා ත්‍යාග පිරිනමනු ලැබී ය.

    වමේ සිට: ඩයලොග් ආසිආටා සමාගමේ නිෂ්පාදන කළමනාකරු (උපාංග ව්‍යාපාර) සන්දේශ් කමලනාදන්, එම සමාගමේ උපාංග ව්‍යාපාර ප‍්‍රධානී අයෝමාල් ගුණසේකර, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ කාඞ්පත් ප‍්‍රධානී නිලූක ගුණතිලක, එම බැංකුවේ ප‍්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් සහ සහකාර උප සභාපති (ක‍්‍රමෝපායික හවුල්කාරීත්ව සහ විද්‍යුත් වාණිජ කටයුතු) රංග ද ෆොන්සේකා යන මහත්වරුන්