නොකියා කැපූ විදුලිය අද සිට කියලා කපන්නේ මෙහෙමයි

    March, 25, 2019

    පසුගිය දින කිහිපය තුළ දිවයින පුරාවට බලපැවැත්වුණු විදුලිය කප්පාදුව අද සිට විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    මේ අනුව දිවා කාලයේ දී පැය 3 ක් සහ රාත්‍රී කාලයේ දී පැයක කාලයක් වශයෙන් දිනකට පැය 4 ක කාලයක විදුලි කප්පාදුවක් අද සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ.

    මෙම කාලසටහනට අනුව පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා හෝ පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ විදුලිසැපයුම විසන්ධි වන අතර රාත්‍රී කාලයේදී සවස 6.30 සිට රාත්‍රී 7.30 දක්වා රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.30 දක්වා හෝ රාත්‍රී 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතය.