නොමිලේ ගුවන් ටිකට් දෙන ශ්‍රීලංකන් පණිවුඩයේ ඇත්ත මෙන්න

    September, 4, 2017

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා Messenger apps හරහා හුවමාරු වෙමින් පවත්නා පණිවුඩයක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයක් ප්‍රකාශයක් කර සිටී.

    අදාළ පණිවුඩය මගින් දැක්වෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නොමිලේ ගුවන් ටිකට්පත් දෙකක් පිරිනමන බවත් ඒ සඳහා දී ඇති link එක මත click කරන ලෙසත් ය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන්සේවය කියා සිටින්නේ මෙය ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රවර්ධන වැඩසටහනක් නොවන බවයි. එය තම ගනුදෙනුකරුවන් මුලාවට පත්කිරීම සඳහා යොදා ගෙන ඇති ක්‍රියාවක් බවත් ශ්‍රීලංකන් ගුවන්සේවයේ වෙබ්පිටුවට එහි සම්බන්ධයක් නොමැති බවත් වැඩිදුරටත් අදාළ ප්‍රකාශයේ සඳහන් වේ.

    එසේම ශ්‍රීලංකන් ගුවන්සේවය විසින් ක්‍රියාත්මක කරනු ලබන “Partner flies free”  ප්‍රවර්ධන වැඩසටහන සඳහා සෘජුවම  www.srilankan.com  වෙබ් අඩවිය හරහා පමණක්  ප්‍රවේශ විය හැකි බව ද ශ්‍රීලංකන් ගුවන්සේවය මෙහිදී අවධාරණය කර සිටී.

    පහත දැක්වෙන්නේ එලෙස හුවමාරු වූ පණිවුඩ කිහිපයකි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් නිකුත් කරන ලද සම්පුර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි.

    2017 සැප්තැම්බර් මස 4 වෙනිදා

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවෙන බව වාර්තා වන බැවින් ශ්‍රීලංකන් ගුවන් සමාගම එවැනි කිසිදු ප්‍රවේශ පත්‍ර ලබාදීමක් නොකර බව දැනුම් දී සිටියි. එසේම එය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවර්ධන කටයුක්තක්ද නොවන බව ඉතා වගකීමෙන් සදහන් කරයි.

    එය අපගේ වටිනා පාරිභෝගිකයින් නොමඟයැවීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවියක් මගින් සිදුකරන්නකි. කරුණාකර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට උත්සහ නොකරන්න. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Partner Flies Free’ දීමනාව www.srilankan.com වෙබ් අඩිවිය හරහා පමණක් පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත් පිරිනැමීමට කටයුතු කර ඇත.

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සෘජුව මැදිහත් වීමකින් සිදු නොකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ශ්‍රීලංකන් ගුවන් සමාගම නොගන්නා බවද දැනුම් දී සිටියි . ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ලබාදෙන ඕනෑම වෙනත් ප්‍රවර්ධන දීමනා සඳහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට දැනගත හැකි අතර එය අපගේ එකම නීත්‍යානුකූල වෙබ් අඩිවිය වේ.

    ආයතනික සන්නිවේදන අංශය,
    ශ්‍රීලංකන් ගුවන් සමාගම
    www.srilankan.com