නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස නව බලාගාරයක් ඉදිකිරීම, අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අනාගත විදුලි ජනන සංයුතිය පිළිබඳ ප්‍රතිපත්තියට හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2018-2037 සඳහා අනුමත කරන ලද දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුකූල වන බව සැලකිල්ලට ගෙන, මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු 04වන විදුලි බලාගාර ඒකකය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ඒකකයේ දිගුවක් ලෙස එම පරිශ්‍රය තුළ ඉදිකිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.