නොරොච්චෝලේ බිඳවැටීම සෙවීමට ත්‍රී පුද්ගල කමිටුවක්

    October, 25, 2016

    නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ පසුගිය දා සිදු වූ බිඳවැටීමට පිළිබඳ ව ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ඉහළ මට්ටමේ ත්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

    හිටපු නීතිපතිවරයෙකු හා ජනාධිපති උපදේශකවරයෙකු වන සිබ්ලි අසීස් මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදුලි හා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආර්.අයි. සේනාරත්න සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.