නොවැම්බර් මුල් සතියේ දී රුපියල් බිලියන 10 ක බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට

    November, 13, 2018

    2018 ඔක්තෝබර් 31 සිට 2018 නොවැම්බර් 07 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 9.99 ක විදෙස් ආයෝජන, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    2018 ඔක්තෝබර් 31 දිනට රජයේ සුරැකුම්පත්වලින් විදෙස් ආයෝජකයින් සතුව පැවති ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 221,134 ක් බව සඳහන් වේ.

    එම ප්‍රමාණය 2018 නොවැම්බර් 07 වන විට රුපියල් මිලියන 211,140 ක් දක්වා රුපියල් මිලියන 9,994 කින් අඩු වී තිබේ.