පකිස්තාන කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

    June, 29, 2020

    පකිස්තානයේ කරච්චි නුවර පිහිටි පකිස්තාන ව්‍යාපාරවස්තු හුවමාරු ගොඩනැගිල්ලට අද (29) පෙරවරුවේ ගිනිඅවි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පාකිස්තාන මාධ්‍ය පවසන්නේ ප්‍රහාරකයින් අත්බෝම්බ සහ ගිනිඅවිවලින් ගොඩනැගිල්ලට පහර දුන් බවයි. මෙම ගොඩනැගිල්ල අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති අතර බොහෝ පෞද්ගලික බැංකුවල ප්‍රධාන කාර්යාලද මෙම ගොඩනැගිල්ලේ පිහිටා ඇත.

    කරච්චි පොලිස් ප්‍රධානී ගුලාම් නබි මේමන් රොයිටර් පුවත් සේවයට මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ “ප්‍රහාරට පැමිණි සිව්දෙනෙකු මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි.

    මේ අතර මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු ද මියගොස් ඇති බව තවත් ඉන්දියානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර සිටී.