පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරනවා – ජනපති

    April, 18, 2018

    සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එක`ග වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලූ රටවල් කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමු`ථවට සමගාමීව අද (18) ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප‍්‍රධාන දේශනය සිදුකරමිනි.

    රජය, ව්‍යාපාරික ප‍්‍රජාව සහ සිවිල් සමාජය යන ක්ෂේත‍්‍රවල ප‍්‍රධාන පාර්ශවකරුවන් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

    එහි ප‍්‍රධාන දේශනය සිදුකළ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ  තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතාවයේ වර්ධනය අතිශයින් වැදගත් බවයි.

    සමාජයේ වගකීම් සහගත පිරිසක් ලෙස සිය ව්‍යාපාර කටයුතුවලදී තාක්ෂණික සහ මූල්‍යමය දායකත්වය තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ළගාකර ගැනීමට දායකවන්නැයි ද මෙහිදී සියලූ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් රටවල් සම`ග අත්වැල් බැ`දගනිමින්, සමාජීය වගකීම සහ සියලූදෙනා ඇතුළත් කර ගන්නා සංවර්ධනයක් සපථ කිරීමට කැපවන ලෙසද සියලූදෙනාට ආරාධනා කළේය.

    ශ‍්‍රී ලංකා රජය, තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමේ ජාතික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම වේගවත් සහ යාවත්කාලීන කිරීම ස`දහා තිරසර සංවර්ධනය පිළිබද විශේෂ වූ අමාත්‍යාංශයක් ද පිහිටුවා තිබෙන බව සදහන් කළ ජනාධිපතිතුමා නීල හරිත ආර්ථික වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකාවේ සමුද්‍රීය සහ අනෙකුත් ස්වභාවික සම්පත්වල සම්පූර්ණ උපයෝගීතාවය පරිසරහිතකාමී සහ තිරසර භාවිතයෙන් යුතුව සනාථ කරනු ඇතැයි ද ස`දහන් කළේය.

    මෙම ආර්ථික උපක‍්‍රම හරහා වූ යහපත් ක‍්‍රමවේද ආමන්ත‍්‍රණය කිරීමේ පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.