පරීක්ෂණ ගුවන්ගත වීමකට ඉන්දීය ගුවන් අවකාශය වසා දමයි. ශ්‍රීලංකන් කාලසටහනේ වෙනසක්

    April, 26, 2017

    ඉන්දියාව විසින් සිදුකරනු ලබන ගුවන්යානා පරීක්ෂණයක් හේතුවෙන් හෙට (27) දිනයේ දී ඉන්දීය ගුවන් අවකාශය වසා දැමීමට පියවර ගෙන තිබේ.

    මෙම තත්ත්වය මත හෙට දිනයේ දී ශ්‍රීලංකන් ගුවන්යානා ගමන් කාලසටහනේ වෙනසක් සිදුවන ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන්සේවා කාර්යාලය හෝ සිය සංචාරක නියෝජිතවරයා හෝ 0094197331979 හරහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මගීන්ට දැනුම් දී සිටී.

    වැඩි විස්තර www.srilankan.com වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගත හැකිය.

    නව ගුවන් ගමන් කාලසටහන් පහත පරිදි වේ.

    Srilankan27updated