පළමු වරට ලංකාගම ග‍්‍රාමයට අධිවේගී අන්තර්ජාල හා ඇමතුම් පහසුකම් SLT හා මොබිටෙල් වෙතින්

    September, 14, 2020

    මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ සිට අන්තර්ජාලය හරහා පළමු වීඩියෝ සම්මන්ත‍්‍රණය පවත්වන්නට යෙදිණි.

    දේශයේ සන්නිවේදන පෙරගමන් කරුවන් වන SLT සහ මොබිටෙල් 2020 සැප්තැම්බර් මස 4 වැනි දින ලංකාගම ග‍්‍රාමයට අධිවේගී අන්තර්ජාල 4G/LTE බ්‍රොඞ්බෑන්ඞ් සේවා සහ ඇමතුම් සේවා පහසුකම් ලබාදීමේ ක‍්‍රියාවලිය සාර්ථකව අවසන් කළේය. මෙම සන්නිවේදන සේවා සැපයුම් ව්‍යාපෘතිය හරහා ලංකාගම ග‍්‍රාමය අධිවේගී 4G Broadband/LTE සහ සුපැහැදිළි ඇමතුම් සේවා මගින් බලගන්වා ඇත. මේ සමග එම ප‍්‍රදේශය අවට සිටින ජනතාවට කිසිදු බාධාවකින් තොරව තමන්ගේ සමීපතමයන් සමග ඉතා ඉහළ සන්නිවේදන සබදතාවයන් ගොඩනගා ගැනීමේ අවස්ථාව උදාවේ.

    මෙම මූලිකත්ව ව්‍යාපෘතිය පිළිබද අදහස් දැක්වූ SLT සහ මොබිටෙල් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනවිරත්න මහතා,”රටේ ග‍්‍රාමීය ප‍්‍රදේශයකට වඩාත් ඉහළ සන්නිවේදන සබදතාවයන් ස්ථාපිත කිරීම වෙනුවෙන් සිදුකළ වේගවත් සහ සාර්ථක ව්‍යාපෘතියක් ඉතා හො`දින් අවසන් කිරීමට ලැබීම පිළිබදව අපි ඉමහත් සතුටට පත්වේ. ශ‍්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් බලගැන්වීමේ රජයේ දැක්මට සමගාමීව ලංකාගම ග‍්‍රාමය තුළ ක‍්‍රියාත්මක කළ මෙවැනි සන්නිවේදන පහසුකම් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති හරහා සුපිරි සන්නිවේදන විසදුම් හදුන්වාදෙමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වුණු සමාජයක් ගොඩනැංවීමේ අපේ අභිප‍්‍රායන් තවත් පුළුල් වේ. ලංකාගම ග‍්‍රාමයට මෙවැනි සන්නිවේදන පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මගපෙන්වූ අතිගරු ජනාධිපතිතුමාට මෙහිදී අපේ ස්තුතිය පුදකිරීමට කැමතියි. රට ඩිජිටල්කරණයෙන් බලගැන්වීමට සහ තොරතුරු සන්නිවේදනයෙන් පෝෂිත සමාජයක් ගොඩනැංවීමට ලංකාගම ග‍්‍රාමයේ ක‍්‍රියාත්මක කළ මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බව අපගේ විශ්වාසයයි. දේශයේ පෙරමුණ ගත් සන්නිවේදන සේවා සපයන්නා ලෙස සුපිරි සන්නිවේදන තාක්ෂණික විසදුම් හරහා මුළු මහත් ශ‍්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නංවමින් අපගේ ශක්තිමත් සහසම්බන්ධාවයන් ආරක්ෂා කරගනිමින් ඉදිරි පරම්පරාවේ ඩිජිටල්කරණ විප්ලවය වෙත සමස්ථ ශ‍්‍රී ලංකාවම ගෙන යාමේ පෙරගමන්කරුවා වීමට අප බලාපොරොත්තු වේ.”

    මීට අමතරව SLT සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා, TRCSLහි අධ්‍යක්ෂ ජනරාල් ඔසඳ සේනානායක මහතා, SLT සමූහ ව්‍යාපාරයේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා යන මේ සියලූදෙනාම ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ පිරිස සමග සජීවී වීඩියෝ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය. මෙය එම විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුවරු සහ දරුවන්ට සුවිශේෂී අත්දැකීමක් වූ අතර අධිවේගී සන්නිවේදන පහසුකම් හරහා මෙවන් අන්තර්ජාල සම්මන්ත‍්‍රණ වේදිකාවක් සමග ජීවිතයේ ප‍්‍රථම වතාවට සම්බන්ධවීමේ අවස්ථාව ඔවුන්ට උදාවිය.

    ”සන්නිවේදන සබඳතා පහසුකම් වලින් ග‍්‍රාමීය ප‍්‍රදේශ බලගැන්වීමට ලැබීම අපට ඉමහත් සතුටක්. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ මාර්ගෝපදේශයන්ට අනුව ලංකාගම ග‍්‍රාමයට අධිවේගී අන්තර්ජාල සේවා සහ ඇමතුම් පහසුකම් ීඔඛ සහ මොබිටෙල් මූලිකත්වය ගෙන කටයුතු කළා. ඒවගේම රටේ ඩිජිටල් ඉදිරි දැක්ම 2025දී සාක්ෂාත් කිරීමට ඔවුන් අපට උදව් කරන බව විශ්වාසයි. සුපිරි වේගවත් අන්තර්ජාල සබදතාවක් සමස්ත ශ‍්‍රී ලංකාවටම ලබාදීම වෙනුවෙන් විදුලි සංදේශ සහ නියාමන කොමිසම නිවැරදි ප‍්‍රතිපත්තියක් සහ සුදුසු පරිසරයක් සකසන්න කැපවෙනවා. එතැන්සිට අවශ්‍ය සන්නිවේදන මෙහෙයුම් සහ නව්‍ය හදුන්වාදීම් මගින් රටේ සන්නිවේදන අවශ්‍යතාවයට නව අගයක් එකතුවෙයි. SLT සහ මොබිටෙල් විසින් මේ කර්තව්‍ය සාර්ථක කරගැනීමට දැක්වූ කැපවීම සහ උත්සාහය අතිශයින්ම ප‍්‍රසංශනීයයි. මම එම සමූහයට ඉදිරියේදී සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කරන අතර ඉදිරියේදී තවතවත් ජයග‍්‍රහණ අත්කරගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” යැයි ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඔසඳ සේනානායක මහතා මහතා පැවසීය.

    භුමියේ අති දුෂ්කර පිහිටීම සහ ප‍්‍රවාහන දුෂ්කරතා නොතකමින් SLT සහ මොබිටෙල් සේවක මණ්ඩලය එම ප‍්‍රදේශයට සුපිරි සබඳතාවක් සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම වෙනුවෙන් සන්නිවේදන කුලූණක් ස්ථාපිත කළ අතර එම සන්නිවේදන කුලූණ ස්ථාපිත කිරීමේ දී කිසිදු පරිසර හානියක් සිදුනොවීමට ඔවුන් වගබලා ගනු ලැබීය.

    ඡායාරූප විස්තරය - SLT සමූහයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා, ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඔසඳ සේනානායක මහතා සහ SLT සහ මොබිටෙල් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනවිරත්න මහතා ඇතුළු කණ්ඩායම ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. සුමිත් ලාල් මහතා සහ එම විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුවරිය වූ ඉරේෂා වික‍්‍රමසිංහ මහත්මිය සමග සජීවි අන්තර්ජාල වීඩියෝ සම්මණ්ත‍්‍රණයට සහභාගී වෙමින්