ප්‍රනීත භෝජන පහසුකම් වලින් සමන්විත Full’r Burgers නවතම ශාඛාව ගල්කිස්සේ දී විවෘත වේ 

    June, 17, 2024

    රසවත් බර්ගර් නිෂ්පාදනයන්හි සාඩම්බරනීය හිමිකරුවා වන Full'r Burgers, ප්‍රනීත රාත්‍රී භෝජන සංග්‍රහ පහසුකම් වලින් ද සමන්විතව නිමවූ ඔවුන්ගේ නවතම ශාඛාව ගල්කිස්සේ දී  පසුගියදා විවෘත කෙරිණි. මෙම අවන්හල සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සහ හැකියාව මත, Cloud Kitchen ආකෘතියේ සිට Quick Service Restaurant (QSR) ආකෘතිය දක්වා සාර්ථකව පරිවර්තනය කරන ලද අතර, එය ආයතනයක් ලෙස Full'r Burgers ලබාගත් ජයග්‍රහණයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

    ගල්කිස්ස නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම අවන්හල, මනා අවකාශයකින් යුතු අභ්‍යන්තරයක් සහ ආකර්ශනීය එළිමහන් භෝජනාගාරයකින් සමන්විත වන අතර, අමුත්තන්ට රසවත් බර්ගර් භුක්ති විදීමට හැකි වටපිටාවක් ද නිර්මාණය කරයි. මෙම අවන්හල ගල්කිස්ස වෙරළ තීරයට ආසන්නව පිහිටා ඇති බැවින් එය දේශීය පාරිභෝගීකයින්ට සහ සංචාරකයින්ට මුහුද අද්දර සිට ආහාර අත්දැකීමක් භුක්ති විඳීමට හැකි කදිම ස්ථානයක් ද වේ.

    Full'r Burgers ගල්කිස්ස අවන්හලෙහි ඔවුන්ටම අවේණික වූ පුළුල් පරාසයක විහිදුනු බර්ගර් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් මෙනුවක් ඇති අතර එය සාම්ප්‍රදායික බීෆ් බර්ගර්වල සිට නව්‍ය ආකාරයට සකසන ලද නිර්මාංශ බර්ගර් දක්වා විශාල පරාසයකට විහිදී යයි. මීට අමතරව, සියලුම පාරිභොගිකයින් සඳහා පුළුල් භෝජන අත්දැකීමක් ලබා දීම සහතික කරමින්, අවන්හලෙහි ආහාර පාන පැතිකඩයන් සහ අතුරුපස ආදිය තෝරාගෙන තිබේ.

    මෙම අවස්ථාවට සහභාගී වූ Full'r Burgers හි ප්‍රධාන විධායක නිලධාරී ෂිෆාස් රියාස් පැවසුවේ, අද්විතීය ආහාර අත්දැකීමක් ලබා ගැනීම සඳහා අපගේ ගල්කිස්ස අවන්හල වෙත පැමිණි වටිනා පාරිභෝගිකයින් Full'r Burgers ආයතනය වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නා අතරම, මෙම අවන්හල ඔස්සේ භෝජන සංග්‍රහ කිරීමේ කලාවට (Dine-in Service) සිදුකරන ලද පරිවර්තනයත් සමග ඔවුන්ගේ පාරිභෝගිකයින්ට ඉහළ, තෘප්තිමත් සේවාවක් ලබා දීමට ආයතනයක් ලෙස Full'r Burgers කැපවී සිටිනා බවයි.

    Full'r Burgers තබන ලද නව පියවර ඔස්සේ, දිවයිනේ අනෙකුත් ස්ථාන වල ද භෝජන සංග්‍රහය සඳහා ප්‍රනීත පහසුකම් වලින් සමන්විත අවන්හල් ආරම්භ කිරීමට ඔවුන් අභිප්‍රේරණයක් සපයනු ලබන අතරම, ගුණාත්මක හා ප්‍රමිතිගත සේවාවක් ඔස්සේ Full'r Burgers බර්ගර්ලෝලීන් අතර ආදරණීය නාමයක් බවට පත් කර තිබේ.