ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිපත්තියක් නැතිනම් ලෝක බැංකු ආධාර නැහැ

    July, 29, 2022

    ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව ලෝක බැංකු ප්‍රකාශ කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ලෝක බැංකුව පවසන්නේ ඒ් අනුව කඩිනමින් ශ්‍රී ලංකාව යළී ස්ථාවර ආර්ථික තත්ත්වයක් ඇති කර ගන්නා ආකාරය පිළිබඳව සැලසුම් ලෝක බැංකුව වෙත සහතික කළ යුතුව ඇති බවයි.

    ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුද තත්ත්වය පිළිබඳව සහ එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට සිදුව ඇති බලපෑම පිළීබඳව ලෝක බැංකුව විසින් තම කණස්සල්ල ප්‍රකාශ කර ඇත.

    ලෝක බැංකුව මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 160ක පමණ හදිසි ආධාර ලංකාවට ලබා දී ඇති බවත් ඉදිරියට ද, මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් වන ඖෂධ, ආහාර, පාසල් අධ්‍යාපනය වැනි දෑ සපුරාගැනීමට අවශ්‍ය ආධාර අඛණ්ඩව ලබා දෙන බවත් ඔවුන් පවසයි.

    තව ද  මෙම ආධාර මෙරට ‌වෙසෙන වඩාත් දිළිඳු සහ අවදානමට ලක් විය හැකි පාර්ශවයන් වෙත සලසා දීම ඔවුන්ගේ අරමුණයි.