ප්‍රමුඛතා පාලම් 23ක් සැපයීම හා සවි කිරීම ප්‍රංශ සමාගමකට

    February, 24, 2020

    රථවාහන තදබදය, රිය අනතුරු, සහ ඉහළ වාහන මෙහෙයුම් පිරිවැය අවම කිරීම අරමුණු කර ගනිමින් ප්‍රමුඛතා පාලම් 23ක් තෝරාගත් ප්‍රදේශවලට සපයා සවි කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත.
    මේ සඳහා ප්‍රංශයේ M/s Ellipse Projects SAS ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
    එකී යෝජනාව මත පදනම්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී