ප්‍රවාහන පුහුණුවකට ලංගම 26ක් තායිලන්තයට

    July, 25, 2019

    ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධ පුහුණු වැඩමුළුවක් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් 26 දෙනෙකු තෝරා ගෙන තිබේ.

    මෙම නිලධාරීන් 26 දෙනා වෙත අදාළ සංචාරය සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් පසුගිය දා සිදුකෙරිණි.

    2019 ජූලි 23 දින සිට ජූලි 27 දක්වා කාලය තුළ මෙම පුහුණු වැඩමුළුව පැවැත්වෙනු ඇත.