ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් අති නවීන BMW 6 Series Gran Turismo රථය දේශීය වෙළෙඳපොළට හඳුන්වාදෙයි

    November, 12, 2018

    මෙරටට  BMW   මෝටර් රථ ආනයනය කිරීමට සහ බෙදාහැරීමට  බලයලත් එකම සමාගම වන ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම BMW  ආසියා සමග එක්ව ශ‍්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට අති නවීන සුඛෝපභෝගී BMW 6 Series Gran Turismo (GT) රථය එළි දැක්වීමට සමත් විය. පසුගිය 6 වැනි දා කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත්ව එළි දැක් වූ මෙම රථය දිගු දුර ධාවනය සදහාම නිර්මාණය කර ඇති අතර නවීනතම තාක්ෂණයෙන් බල ගන්වා ඇත.  
     
    ක‍්‍රීඩාශීලී හැගුම් දනවන සුඛෝපභෝගී පහසුකම්වලින් අනූනව නිමවා ඇති නව BMW 6 GT රථය නවීනතම තාක්ෂණික පහසුකම් සහ පාලන ආධාරක පද්ධතිවලින් සමන්විතය. වේගයෙන් ධාවනය කළ හැකි වන අතර කාර්යක්ෂමතාවෙන්ද ඉතා ඉහළය. 
     
    මෙම හදුන්වා දීම පිළිබදව අදහස් දක්වමින් ප්‍රෙස්ටිජ් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිරන්ග පීරිස් මහතා සිය අදහස් පළ කළේ මෙලෙසිනි. "ශ‍්‍රී ලංකාවට  BMW ගෙන්වීමේ එකම බලයලත් නියෝජිතයා වශයෙන් මෙම නවතම  BMW  රථය මෙරටට හදුන්වා දීමට හැකි වීම පිළිබද අප සතුටු වනවා. නව තාක්ෂණයේ ඉහළතම තලයක වැජඹෙන මෙම රථය ආශ්වාදනීය ගමනක අත්දැකීමක් පාරිභෝගිකයන්ට තිළිණ කරනවා. ප‍්‍රශස්ථ මට්ටම එකලෙස පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව අප ගෝලීයව පිළිගත් තාක්ෂණවේදීන්ගෙන් සමන්විත අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යනු ලබනවා. ඒ අනුව  පාරිභෝගිකයන් හට අලූත්වැඩියා කටයුතු විශ්වසනීය ලෙස සිදු කරගැනීම ද පහසු වී තිබෙනවා."