පාඩු ලබන ජනවසමට හා රාජ්‍ය වැවිලි සංස්ථාවට රු. මිලියන 191 ක් භාණ්ඩාගාරයෙන් පොම්ප කරන්න කිරිඇල්ලගෙන් කැබිනට් යෝජනාවක්

    May, 3, 2019

    වර්ෂ ගණනාවක සිට අඩු කාර්යසාධන මට්ටමක් වාර්තා කර ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර ඒවායේ සේවක වැටුප් ගෙවීමද රජයේ වැය බරක් වී තිබේ.

    එම ආයතන ප්‍රතිව්‍යූහගතකර ලාභදායී ලෙස පවත්වාගෙන යාම සඳහා ආදායම් උත්පාදනයට තවත් සැලකිය යුතු කාලයක් ගත විය හැකි බැවින් 2019 වර්ෂයේ අප්‍රේල් සිට ජුනි මාසය දක්වා එම ආයතනවල සේවක වැටුප් හා දීමනා ගෙවීම සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට රුපියල් මිලියන 113ක ප්‍රතිපාදනද ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත රුපියල් මිලියන 78ක ප්‍රතිපාදනද සලසා දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.