July, 29, 2019
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය දක්වන සේවා, නිෂ්පාදන, කෘෂිකර්මාන්ත සහ උපයෝගීතා යන ක්ෂේත්‍ර වලින් අනතුරුව පස්වන ස්ථානයට ඉදිකීරිමේ ක්ෂේත්රය පත්ව ඇත. 2019 වසරේ පාස්කු ඉරුදින අවාසනාවන්ත ලෙස සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව යලිත් නැගී සිටිනු ඇතැයි දේශීය හා විදේශීය ගැණුම්කරුවන් විශ්වාස කරයි.
එලීෂියන් රියැලිටි පෞද්ගලික සමාගමේ අලෙවි හා ප්‍රවර්ධන අංශයේ ප්‍රධනී බුද්ධික ජයසිංහ මහතා, වත්මන් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ තත්වය පිළිබඳව මෙසේ සඳහන් කළේය. “ ශ්‍රී ලංකාව යනු විවිධත්වයෙන් ඉතා ඉහල දේශයකි. ඉහල මට්ටමේ දරාගැනීමේ හැකියාවක් ඇති හා දිගින් දිගටම නොයෙකුත් අන්දමේ ඉගෙනුම් වලට ලක්වූ දේශයකි. නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිදහස ලබා ගැනීමත් සමඟම එම දුෂ්කරතාවලින් ක්‍රමයෙන් ස්වාධීනත්වයට ලඟාවී ඇත.
අප දේශය අන් කිසි රටකට සම කළ නොහැකි තරමේ දේශයකි. නොයෙකුත් ස්වභාවික සම්පත් වලින් මෙම රට ගහණ වී ඇති අතර නිදහස් අධ්‍යාපනය , නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවා , විවිධත්වය අතින් ඉතා ඉහල පරිසරයක ඉගෙනුමට හා වර්ධනය වීමට ඉඩ ප්රස්ථා ඇති මෙම රටෙහි වැසියන් වීම අප හට මහත් ආඩම්බරයකි.
අවබෝධය හා මුහුකුරාගිය බුද්ධියකින් හෙබි අපහට එකිනෙකා කෙරෙහි කරුණාවන්ත හා මෛත්‍රී සහගත වීමෙන් නැවතත් මෙම දේශය ගොඩනැගීමට හැකිවනු ඇත. එලීෂියන් රියැලිටි පෞද්ගලික සමාගමේ අප ජාති ආගම් කුල භේද නොසලකා ඉදිරියටත් අපගේ ව්‍යාපාර සහකරුවන් හා කොටස්කරුවන් සියලු දෙනා සමඟ කටයුතු කරන බවට විශ්වාසයෙන් තහවුරු කර සිටිනවා. අප ඉදිරියේදී ද , ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී රටේ ආරක්ෂාව කෙරෙහි තවදුරටත් සැලකිලිමත් වීමට බලාපොරොත්තු වනවා.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රය 2018 වසරේ සිව්වන කාර්තුවේදී දළ ජාතික නිෂ්පාදනයට දායක වූ මුදල රුපියල් මිලියන 171,094 වූ අතර තුන්වන කාර්තුව වන විට එහි අගය වී තිබුණේ රුපියල් මිලියන 159,400 කි. 2019 වසර සඳහා වන දළ දේශීය නිෂ්පාදනය 2019 වසරේ සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීම් හේතුවෙන් 2018 වසරට වඩා මන්දගාමී විය හැකි වුවද දේශීය හා විදේශීය කොටස්කරුවන්ගේ අදහස වනුයේ දළ දේශීය නිෂ්පාදන දායකත්වයේ 2010 වසරේ තරම් පහත වැටීමක් නොවන බවය. 2010 දෙවන කාර්තුවේදී වාර්ථාගත දළ දේශීය නිෂ්පාදන දායකත්වය වනුයේ රුපියල් මිලියන 77,176.
එලීෂියන් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ආයෝජකයකු වන දකුණු අප්‍රිකානු ජාතික කැත්රින් ලීන් මිෂෙල්සන් මෙසේ සිය අදහස් දැක්වූවාය. “ශ්‍රී ලංකාව කොතරම් දුෂ්කරතා වලට මුහුණ පෑවද, අළු තුලින් මතුවන ෆීනික්ස් පක්ෂියා මෙන් නැවත නැගී සිටියා. මෙවැනි අවාසනාවන්ත තත්වයකට ගොදුරුවූ මුල්ම හා (ඉතා අවසනාවන්ත ලෙස ) අවසාන රටද ශ්‍රී ලංකාව නොවේ. මා මෙම දේශය කෙරෙහි අපමණ විශ්වාසයකින් යුතුව මට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ව්‍යාපෘතිය නිම වීමෙන් අනතුරුව ඉදිරියේදී මා ශ්‍රී ලංකාවේ නිවසක සාඩම්බර හිමිකරුවකු වනවා.”
අන්තර්ජාතික සමාගම් හා කොටස්කරුවන්ගේ බල ගැන්වීම තුලින් සුඛෝපභෝගී හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති කොළඹ හා දියුණු වෙමින් පවතින වෙරළ තීරයේ හා මධ්‍යම ප්‍රදේශවල ඉදිවෙමින් ඇත්තේ 2009 වසරේ සිවිල් යුද්ධ සමය හා ගත් කළ තුන් ගුණයක විභවතාවයක් ඇති කර ගනිමිනි.
ඡායරූපය - එලිෂියන් මිරිස්ස සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය
Video Story