පාස්පෝට් මුද්‍රණය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

    September, 17, 2020

    විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන දැනට විදේශීය මුද්‍රණ ආයතන වෙතින් මුද්‍රණය කිරීම හේතුවෙන් රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකිවන පරිදි එවැනි ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කරවා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.