පැයට කි.මී. 100 ක වේගයෙන් යා හැකි දුම්රිය මාර්ගයක් තැනීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Ircon International ට

    April, 4, 2019

    උතුරු පළාත වෙත කාර්යක්ෂම, ආරක්ෂිත හා සුවපහසු මගී හා භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමේ අපේක්ෂාවෙන්, පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට සහ වැඩි බරක් දැරීමට හැකි දුම්රිය මාර්ගයක් ඉදි කිරීම පිණිස මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර 128ක දිගින් යුත් දුම්රිය මාර්ගය ඉන්දීය අරමුදල් සහාය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ති‍බේ.

    ඒ අනුව එම මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 91.3ක මුදලකට M/s Ircon International Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.