පැලවත්ත Cool Planet වඩාත් ආකර්ශනීය අයුරින් යළිත් විවෘත කරයි

    August, 6, 2019

    ගින්නෙන් විනාශ වීමෙන් මාස 09 කට පසු නව සැලසුමකින් නිර්මාණය කළ තෙමහල් අළුත්ම අලෙවිසැලට පාරිභෝගිකයින් ගෙවදියි

    බත්තරමුල්ල සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින් වඩාත් ඇලූම්කළ පැලවත්ත Cool Planet අලෙවිසැල ගිනිගෙන විනාශ වීමෙන් මාස නමයකට පසුව නැවතත් පාරිභෝගිකයින් වෙනුවෙන් නව මුහුණුවරකින් පසුගිය සතියේ විවෘත විය.

    Cool Planet පැලවත්ත අලෙවිසැල හිතවත් පාරිභෝගිකයින් පිරිවරා ගනිමින් අගෝස්තු 02 වන සිකුරාදා යළිත් ගනුදෙනු සඳහා විවෘත වියග මෙයට වසර 13 කට පෙර එම ස්ථානයේ උපත ලැබූ Cool Planet අලෙවි ජාලයේ පැලවත්ත ශාඛාව නැවත විවෘත වීම එහි නව පරිච්ඡේදයක් විය. නැවතත් පාරිභෝගිකයින් ආකර්ශණය කර ගැනීමට සමත්වන අයුරින් නව අලෙවිසැල ප‍්‍රතිනිර්මාණය කර තිබීම කැපී පෙනේ.

    වර්ග අඩි 18,000 ක ඉඩ පහසුව විලාසිතාවන්ට ලැදි පාරිභෝගිකයින් සඳහා වඩාත් ආකර්ශණයක් ගෙනදෙයි. මෙම සුප‍්‍රසිද්ධ Cool Planet අලෙවිසැලෙහි මීට පෙර සාප්පු සවාරියේ යෙදුණු දහස් ගණනක් වන පාරිභෝගිකයින්ට පෙරටත් වඩා නිදහසේ සාප්පු සවාරි අත්දැකීම විඳගැනීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබේ.

    මෙම අලෙවිසැල උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් Cool Planet අධ්‍යක්ෂ, රම්මා වික‍්‍රම මහත්මිය සඳහන් කළේ පැලවත්ත අලෙවිසැල නැවතත් විවෘත කරන තුරු ඉවසීමෙන් බලා සිටි පාරිභෝගිකයින්ට සහ හිතෛෂීන්ට කෘතඥතාව පුද කරන බවයි. මෙම අලෙවිසැල වසා තැබුණු කාලයේදී ඔවුන් බොහෝදෙනෙකු සමාගම දිරිමත් කරමින් පණිවුඩ එවූ බවද ඇය සිහිපත් කළාය. ‘ගින්නෙන් වුණු විනාශයෙන් පසුව නැවතත් නැගී සිටීමට අපට සහාය දුන් සැපයුම්කරුවන්ට, සේවකයින්ට, ව්‍යාපාරික පාර්ශවකරුවන්ට සහ අසල්වැසියන්ට ඔවුන්ගේ කැපවීම සහ සහයෝගය වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා.’

    ‘පැලවත්ත ශාඛාව අපගේ හදවතට ඉතාමත් සමීපයි. Cool Planet ආයතනයේ ආරම්භය සිදුවූයේ මෙම ස්ථානයෙන්,’ යනුවෙන් වික‍්‍රම මහත්මිය පැවසුවාය. ‘අපගේ මෙම නව ශාඛාවට පැමිණෙන හිතවත් පාරිභෝගිකයින්ට අපගේ අසමසම සේවාව යළිත් ලබාදීමට අප කැපවී සිටිනවා. ඒවගේම අපගේ අලෙවිසැලට පැමිණෙන සෑම පාරිභෝගිකයෙකුම සතුටු කිරීමේ අළුත් ක‍්‍රම පිළිබඳව ද අපි අවධානය යොමු කරමින් සිටිනවා.’

    මෙම අලෙවිසැල අළුතින් නිර්මාණය කිරීමේදී ඉඩකඩ වැඩිවන ලෙස නිර්මාණය කර තිබෙන අතර එහි අභ්‍යන්තර සැලසුම් සහ ප‍්‍රදර්ශනය කිරීම්, සැරසිලි මෙන්ම පරිසර හිතකාමී ආලෝකකරණය වැඩිදියුණු කර තිබෙන්නේ department store සංකල්පයට අනුව වීම කැපී පෙනේ. මෙම අලෙවිසැලට ආසන්නයේ එක් වරකට වාහන 60 ක් පමණ නවතා තැබීමේ පහසුකම් සහිත වාහන අංගනයක් ද ඇත.

    මෙම අලෙවිසැලේ කාන්තා, පිරිමි ළමා සහ ළදරුවන්ට අවශ්‍ය ඇඳුම් සහ ආයිත්තම් මිලදීගත හැකි අංශ වෙන වෙනම පිහිටා තිබේ. මොවුන් සඳහා ඇඳුම්, සපත්තු, බෑග්, විලාසිතා උපකරණ, සෙල්ලම් බඩු, ඔරලෝසු, සුවඳ විලවුන්, ගමන් මලූ සහ ගේ දොර උපකරණ මෙම අලෙවිසැලේදී මිලදීගැනීමේ අවස්ථාව ඇත. පාරිභෝගිකයින් අතර ඉතාමත් ප‍්‍රචලිත මෙම විලාසිතා ජාලයට අයත් වන වෙළඳ සන්නාමද මෙහි අලෙවියට තබා තිබේ. මේ අනුව, පිරිමින් සඳහා Kingstreet, MUN, OZONE සහ Northpole සන්නාම වලින් යුක්ත ඇඟලූම්ද, කාන්තාවන් සඳහා Modano, Andriana සහ Mantra සන්නාම වලින් යුක්ත ඇඟලූම්ද, ළමුන් සඳහා Tween සහ OZONE සන්නාම වලින් යුක්ත ඇඟලූම්ද, Moonstone විලාසිතා සන්නාමයෙන් යුක්ත ආයිත්තම්ද මෙම අලෙවිසැල තුළින් පාරිභෝගිකයින්ට මිලදීගත හැකිය.

    වැඩිහිටියන් සහ ළමුන් වෙනුවෙන් ඇඟලූම් සහ ආයිත්තම් අලෙවි කරන ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය විලාසිතා ජාලයක් වන Cool Planet ආයතනයේ මූලාරම්භය සිදුවූයේ 2006 වසරේදී පැලවත්ත ශාඛාව ආරම්භ කරමිනි. අද වනවිට, Cool Planet ආයතනයේ ශාඛා හයක් මහරගම, වත්තල, මහනුවර, නුගේගොඩ, කොළඹ 05 (ඉසිපතන මාවත) සහ මාලඹේ යන ස්ථානවල පිහිටා තිබේ. එකම ස්ථානයකින් පහසුවෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහල විවිධත්වයකින් යුතු ඇඟලූම් සහ ආයිත්තම් මිලදීගත හැකි ස්ථානයක් ලෙස වසර ගණනාවක් පුරා Cool Planet ආයතනය පාරිභෝගිකයින්ගේ සිත් පැහැර ගැනීමට සමත්වී ඇත.

    Cool Planet ආයතනය විසින් මෙරට 700කට වැඩි පිරිසක් වෙත සෘජු රැකියා ලබාදී තිබෙන අතර අලෙවි කරන භාණ්ඩ වලින් වැඩිම ප‍්‍රමාණයක් දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගනී. ඉතිරි භාණ්ඩ ප‍්‍රමාණය බැංකොක්, චීනය සහ ඉන්දියාව යන රට වලින් ඉතාමත් සුපරික්ෂාකාරීව තෝරා ආනයනය කර අලෙවි කරන බව සමාගම සඳහන් කරයි. Cool Planet ආයතනය විසින් සිය ලෝයල්ටි වැඩසටහන වන ‘Sky High’ වැඩසටහන මගින් පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ රැසක් ලබාදෙන අතර මෙහි සක‍්‍රීය සාමාජිකයින් 120,000 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විතය.

     

    සේයාරු සටහන - Cool Planet අධ්‍යක්ෂ, රම්මා වික‍්‍රම මහත්මිය නව මුහුණුවරකින් යුත් පැලවත්ත ශාඛාව විවෘත කරයි.