පෑන් ඒෂියා කොටස් ගනුදෙනු යළි ක්‍රියාත්මකයි

    August, 15, 2017

    පෑන් ඒෂියා බැංකුවේ දෛනික කොටස් ගනුදෙනු අද පස්වරු 12.45 ට යළි ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.

    මේ අතර පෑන් ඒෂියා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිය ප්‍රාථමික අලෙවි කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවත්, අදාළ තීරණය නිසා බැංකුවේ සාමාන්‍ය ගනුදෙනුවලට බලපෑමක් නොවන බව ට මහ බැංකුව දැනුම් දී ඇති බවත්.

    පෑන්ඒෂියා බැංකුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට අද පෙරවරුවේ පියවර ගෙන තිබේ. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශ කර සිටින්නේ සමාගමේ නිවේදනයක් ප්‍රකාශයට පත්වීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.