පික්මී Crowdsourcing ඔස්සේ ජන ප්‍රජාවන් රැසකට සම්බන්ධ වේ

    January, 17, 2017

    ශ්‍රී ලංකාවේ ජංගම කුලී රථ කර්මාන්තය තුළ මහා පෙරලියක් සිදුකළ දේශීය සමාගමක් වන පික්මී, ඔවුන්ගේ පරිසර පද්ධතිය තුළ නව බලශක්ති නිර්මාණය කිරීම සදහා ඉතා විශිෂ්ට වූ ආකෘති කිහිපයක් වෙළදපොළට හදුන්වා දී ඇත. කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් සැපයීමට අවශ්‍ය වන මූලික කරුණක් වන, සේවා සපයන්නා සහ පරිභෝජකයා අතර මනා සබදතාවක් ගොඩ නැගීම ඔවුන්ගේ වගකීමක් ලෙස පික්මී සමාගම සළකයි. එහි ප්‍රධාන විධායක නිළධාරි ජිෆ්රි සුල්ෆර් මහතා පවසන්නේ සමාගමෙහි තිබෙන, ව්‍යාපාරික සමාජ වගකීම් වැඩසටහන් තුළින් ඔවුන් පාරිභෝගිකයන් හා සේවා සපයන්නන් අතර තිබෙන දුරස්ථභාවය නැති කිරීමට පිලියම් යොදන බවය.

    ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් සිදුකෙරුණු “මංපෙත 2016” (Trail 2016) වැඩසටහන සදහා පික්මී සමාගමෙහි හවුල්කාරත්වය ඉතාමත් සර්ථක වූවක් විය. සුල්ෆර් මහතා පවසන ආකාරයට, පික්මී ජංගම යෙදුම හරහා කොළඹ නගරය තුළ ධාවනය කෙරුනු සෑම පික්මී කැබ් රථයකින්ම රුපියල් 5ක් වැනි මුදලක් “මංපෙත 2016” සදහා වෙන් කෙරිණි. මෙයට පාරිභෝගිකයින්ගෙන් අමතර ගස්තුවක් අය නොකෙරුනු අතර ඔවුන් පික්මී කැබ් රථ සේවය භාවිතා කිරීම තුළින් මේ සදහා දායක වී තිබේ.

    කණ්ඩායමක් පොදු අරමුණක් කරා යොමු කරවීම සහ යම් ව්‍යාපෘතියකට හෝ ක්‍රියාවකට වඩාත් සහය ලබා දීමටද Crowdsourcing තුලින් හැකි වේ.
    පික්මී යෙදුම තුළින්ද මෙම පිළිකා රෝගීන්ගේ වැඩසටහන පිළිබද ජනතාව දැනුවත් කරමින් ඔවුන්ට අවශ්‍ය ඉලක්ක සපුරා දීමට පික්මී සමාගම කටයුතු කර තිබේ. සමාගමෙහි සන්නාමය ප්‍රවර්ධනය කරන අතරතුරම තරුණ පිරිස් හට වක්‍රව හෝ මෙම අවස්ථාවට දායකවීමට ඔවුන් ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. තවදුරටත් අදහස් දක්වමින් සුල්ෆර් මහතා පවසා සිටියේ මෙවැනි ක්‍රියාවලියක් අනුගමනය කල ප්‍රථම සමාගම පික්මී සමාගම වන අතර තවතවත් නව්‍ය සංකල්ප සදහා මෙය වේදිකාවක්ද වනු ඇති බවයි. එමෙන්ම පික්මී යෙදුම තවදුරටත් පරිශීලක හිතකාමී (user friendly) කිරීම තුළින් මැදිවියේ පරපුර අතරද මෙම යෙදුම ප්‍රචලිත කිරීමට ඔවුන්ගේ ප්‍රවර්ධකයින් ( developers) උත්සහ දරමින් සිටින බව ඔහු පැවසුවේය.

    පික්මී යෙදුම තුළින් තමන්ට අවශ්‍ය ප්‍රවාහන මාදිලිය තම ජංගම දුරකතන හරහා තෝරා ගැනීමට සහ එය නිවස අසලටම අපහසුවකින් තොරව ගෙන්වා ගැනීමට පහසුකම් සපයා ඇත. 2015 වසරේ ජුනි මාසයේ ආරම්භ වූ මෙම සමාගම ඉතාමත් වේගයෙන් ප්‍රවර්ධනය වී ඇති අතර මේවන විට දේශීය වෙළදපොළෙහි සංස්ථාපනය (established) වීමට සමත්වී ඇත. නව තාක්ෂණය භාවිතය, යෙදුමේහි නිරන්තර යාවත්කාලීන (updates) ලබාදීම, නිවරද්‍යතාවය සහ මගීන්ගේ පහසුව තකා ක්‍රියා කිරීම යන කරුණු මෙම යෙදුම වෙළදපොළෙහි ස්ථාවරවීමට හේතු වී තිබේ.

    පිළිකා රෝගීන් සමරන “මංපෙත” වැඩසටහන, පික්මී සමාගම සහභාගී වූ පළමු වැඩසටහන නොවේ. ගිය වසරදී ඇතිවූ ගංවතුර හේතුවෙන්ද ආපාදාවට ලක්වූ ජනතාව බේරා ගැනීම සදහා SOS යෙදුමක් නිර්මාණය කළේය. දුරකථන හරහා GPS තාක්ෂණය භාවිත කරමින් ආපදාවට ලක්වූවන් සිටින ස්ථාන, දිවිගලවා ගැනීම් කණ්ඩායම් වලට ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්විය. තවද ඔවුන් රූපවාහිනී නාළිකාවක් සමග සම්බන්ධ වී ජනතාව වෙත ගොස් ඔවුන් ලබා දෙන වියළි ආහාර ද්‍රව්‍ය, ගංවතුරින් ආපදාවට පත් ප්‍රදේශවලට බෙදා දීමටද කටයුතු කළේය. Crowdsourcing මුදල් ආධාර සොයා ගැනීමේ වැදගත් ක්‍රමවේදයක් වී ඇති අතර එය ව්‍යාපාර අංශයේ සමාජ සේවා සමඟ බැඳී පවතින පිළිවෙතකි. පික්මී තම පාරිභෝගිකයින්ට ප්‍රමුඛත්වය දෙන අතර ඔවුන් වෙනුවෙන් අමතර දුරක් වුවත් යාමට සමාගම සූදානම් බව ජිෆ්රි සුල්ෆර් මහතා පැවසීය.