පිටරට තෙල් සමාගම්වලට එන්නැයි ආරාධනා

    July, 27, 2022

    ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලින් අභිලාෂය කැඳවමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දැන්වීමක් පළ කර ඇත.

    ඊට අනුව ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා තෙල් සමාගම් සඳහා උනන්දුව ප්‍රකාශ කිරීම (EOI) ට ආරාධනා කර තිබේ.

    ශ්‍රී ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් 1,190 කින් යුත් ජාතික ජාලයක වෙළඳපොළක් පවතින් අතර ඉන් 80% ක පමණ වෙළෙඳපොළ කොටසක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා ක්‍රියාත්මක වේ.

    ඉහත දක්වා ඇති පරිදි අභිලාෂයන් කැඳවීමෙන් පසු සංස්ථාව සතු පිරවුම්හල්වලින් කොටසක් අදාළ විදෙස් සමාගම්වලට ලබාදීමට තීරණය වී ඇත.