පීපල්ස් ලීසිං සමාගමේ 20වන සංවත්සරය දිවයින පුරා සැමරේ

    June, 20, 2016

    ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම සිය 20වන සංවත්සරය වෙනුවෙන් කොළඹ ප‍්‍රධාන කාර්යාලය හා දිවයින පුරා පිහිටි ශාඛා ජාලය ඔස්සේ සැමරුම් වැඩසටහන් මාලාවක් පසුගියදා පැවැත්වුණි. 'විශ්වාසයෙන් ඉදිරියට' නම් තේමා පාඨයෙන් සිදු කෙරුණු සංවත්සරික සැමරුම් වැඩසටහන් මාලාවෙහි ප‍්‍රමුඛ නිල උත්සවය පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඞී.පී. කුමාරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය මැයි 31වන දින ප‍්‍රධාන කාර්යාලයේ පැවැත්වුණි. එයට සමගාමීව සර්ව ආගමික උත්සව" සමාජ සත්කාරක හා මහජන දැනුවත්කිරීම් ඇතුළු වැඩසටහන් රැසක්ම ප‍්‍රධාන කාර්යාලය ප‍්‍රමුඛ ශාඛා ජාලය විසින් සංවිධානය කෙරුණි.

    20වන සංවත්සරය නිමිත්තෙන් පීපල්ස් ලීසිං සමාගමට හා එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට කාර්ය මණ්ඩලයට සහ ලක්වාසි සැමට සෙත්පැතීමේ සර්ව රාති‍්‍රක පිරිත් සජ්ජායනාවක් එහි ප‍්‍රධාන කාර්යලයෙහි පැවැති අතර පසුදින සංඝයා වහන්සේලා සියක් නමකට දහවල් දානය පිරි නැමුණි. එයට සමගාමී ලෙසින් කතෝලික, ඉස්ලාමීය හා හින්දු ආගමික වතාවන්ද පැවැත්වුණි.

    20වන සංවත්සරික සැමරුම් අතර ප‍්‍රමුඛත්වය සමාජ සත්කාරක වැඩසටහන්වලට ලබාදුන් පීපල්ස් ලීසිං සමාගම සම්පූර්ණයෙන්ම පිළිසකර කළ කොළඹ මහා රෝහලේ හදිසි අනතුරු හා විකලාංග අංශයේ ශ‍්‍රවණාගාරය විවෘතකිරීම හා zමහමග අනතුරු වලකමුZ නම් තේමාව යටතේ පාගමනක්ද සංවිධානය කෙරුණි.

    සිය 20වන සංවත්සරික සැමරුම් උත්සව මාලාව පිළිබඳව අදහස් දැක්වූ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඞී.පී. කුමාරගේ මහතා පැවසුවේ 'ගෙවුණු 20වසර පුරා පීපල්ස් ලීසිං සමාගමේ සාර්ථකත්වයේ පදනම වූයේ මහජන හිතකාමී මූල්‍ය විසඳුම් රැසක් සමගින් සමාගම හිමි කරගත් zදැඩි පාරිභෝගික විශ්වාසයයි'. ගනුදෙනුකරුවන්ට ගැලපෙන හා පහසු මූල්‍ය පහසුකම් ඉදිරිපත් කිරීම තුළින් ලබාගත් එම විශ්වාසය හා ශක්තිය හේතුවෙන් අප සමාගමට වසර 14ක් තරම් දිගු කාලයක් අඛණ්ඩව මෙරට ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වීමේ භාග්‍යය උදාවූවා. අප සතු දැවැන්ත පාරිභෝගික ශක්තිය සම`ගින් 20 වැනි සංවත්සරයට සමගාමීව 94ක් වන අපගේ ශාඛා ජාලය තව දුරටත් පුළුල් කරමින් ශාඛා ගණන 100 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ දියුණුව හා පහසුව සහතික කෙරෙන නව මූල්‍ය පහසුකම් රැසක් හඳුන්වාදීමද සිදු කෙරෙනවා' යන්නයි.

    ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.