පී.සී. හවුස් අධිකරණ නියෝගයට හිස නමයි

    July, 16, 2014

    පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ ලේකම් හා අධ්‍යක්ෂවරුන් වෙනස් කරන ලෙස බස්නාහිර පළාත්බද මහාධිකරණය විසින් කළ නියෝගයට අනුව සමාගම කටයුතු කර තිබේ.

    මේ අනුව, පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කළමනාකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 20 ක පමණ අත්දැකීම් ඇති චමින්ද දයාන් බන්දුතිලක මහතාත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වසර 16 ක පමණ අත්දැකීම් ඇති දර්ශන පද්මාල් ගලබොඩගේ මහතාත් පත්කර ඇත.

    මීට අමතරව, සමාගමේ ලේකම්වරුන් ලෙස පී.ඩබ්ලිව්. කෝපරේට් සෙක්‍රටේරියල් සමාගම පත්කර තිබේ.