පී.සී. හවුස් හෝල්ඩින්ග්ස්ට එරෙහිව තවත් අතුරු තහනම් නියෝග

    July, 14, 2014

    පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් හි,  නව කොටස්කාර පාර්ශවයක් වන ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම පවසා තිබෙන්නේ පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් Bieco Link Carbons (Pvt) Ltd සමාගම, එම්.එම්.ඩී. වෙන්චර්ස් ලංකා සමාගමට විකිණීම සහ පැවරීමට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබෙන බවයි.

    මීට අමතරව, එම්.එම්.ඩී. වෙන්චර්ස් ලංකා සමාගම විසින් Bieco Link Carbons (Pvt) Ltd සමාගමට අයත් වත්කම් සතුකර ගැනීම, ඉවත් කිරීම හෝ වෙන්කිරීම වලක්වමින්ද අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවා ඇතැයි ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කියයි.

    එසේම, කොළඹ 03, ගාලු පාරේ අංක 451 දරණ ස්ථානයේ තෙවන මහලේ පිහිටි ග්ලෝබල් කෝපරේට් සොලුයුෂන් සමාගමට පී.සී. හවුස් හොල්ඩින්ග්ස් සමාගමේ සහ Bieco Link Carbons (Pvt) Ltd සමාගමේ සමාගම් ලේකම් ලෙස කටයුතු කිරීම වලක්වමින්ද අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.

    මෙම සමාගම් දෙකේම මහ සභා රැස්වීම පැවැත්වෙන තුරු සමාගමේ ලේකම් ලෙස PWC Corporate Secretarial Services සමාගම අධිකරණය විසින් පත්කර ඇත.

    මෙම නියෝග වාණිජ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන්නේ පසුගිය ජූලි 04 වනදා නිකුත් කළ අධිකරණ නියෝග වලට අමතරව බව සඳහන්ය.