• Ada Derana BIZ Sinhala
  • private buses
  • sri lanaka
  • Two new petrol stations

පුද්ගලික බස් රථ වෙනුවෙන් නව ඉන්ධන පිරවුම් හල් දෙකක් අද සිට

June, 15, 2022

පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීම වෙනුවෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නව ඉන්ධන පිරවුම් හලක් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද දින විකාශය වූ දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මීට අමතරව පිටකොටුව බැස්ටියන් මාවතේ ද නව ඉන්ධන පිරවුම් හලක්, පුද්ගලික බස් රථ වෙනුවෙන් ඉන්ධන සැපයීම සඳහා අද පස්වරුවේ සිට ක්‍රියාත්මක කෙරනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.