පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට බෙල්ජියම් රජයේ සහාය

    December, 4, 2016

    පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට බෙල්ජියම් රජයේ පූර්ණ සහාය ලබා දෙන බව බෙල්ජියානු රජයේ තානාපති Jan Luykx මහතා පවසයි.

    තනාපතිවරයා සහ විදුලිබල හා ජනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපි‍ටිය මහතා අතර සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති අතර එහිදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට බෙල්ජියම් රජයේ විශේෂ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

    පුර්ජනනීය බලශක්තිය ප්‍රභවයක් වශයෙන් පූර්යය යොදාගැනීම ශ්‍රී ලංකාව වැනි සමකයට අසාන්න රටකට ඉතාමත යෝග්‍ය බව තානාපතිවරයා පෙන්වා දුන් අතර සූර්යබලය ගබඩාකර තබාගනිමින් විදුලි උත්පාදනය කර ගැනීමේ තාක්ෂණික ඥාණය තම රට වෙතින් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව ද සඳහන් කළේය.

    ඒ අනුව වර්ෂාව සහිත කාලවලදී පවා සූර්යබල විදුලිබලය භාවිතයට ගත හැකි බව ද තනාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ලබන වසරේ ජනවාරී අවසන් වීමට ප්‍රථම මෙරටට විදුලිබල අවශ්‍යතාව 100%ක් වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.