පෙට්‍රෝලියම් පිරිපහදුවක් සඳහා හම්බන්තොට අක්කර 400 ක් සිංගප්පූරු-ඕමාන් සමාගමකට බදුදෙයි

    March, 7, 2019

    වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවයක් සහිත අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400 ක බිම් ප්‍රමාණයක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබා දීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.