April, 30, 2020
කොවිඩ්-19 වෛරස් වසංගතය පැතිර යෑම වැළැක්වීමේ ජාතික මෙහෙවරට තවත් අමතර ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන මොබිටෙල් සමාගම, ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට ශරීරයේ පැළඳ යා හැකි අධි තාක්ෂණික කැමරා පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලදී. පොලිස් පාර්ක් මූලස්ථාන පරිශ්‍රයේ පැවැති මේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ශී‍්‍ර ලංකා පොලිසියේ සහ මොබිටෙල් සමාගමේ නිලධාරීහු සහභාගීවී සිටියහ.
කොවිඞ්-19 වසංගතය පැතිර යාම වළක්වාලමින් රටේ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මුරපොලවල විශාල කැපවීමකින් සේවය කරන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම වෙනුවෙන් මොබිටෙල් සමාගම පොලිස් දෙපාර්තමේන්තුවට වටිනා මුල්‍යමය දායකත්වයක්ද ලබා දී තිබේ. දවසේ පැය විසිහතර පුරාම සේවයට කැපවී සිටින, මෙන්ම මෙවැනි අවස්ථාවකදී විශාල අවධානමක්ද දරාගෙන සිටින පොලිස් නිලධාරීන් තවදුරටත් අගය කරමින් ඔවුන්ට ශක්තියක් විය යුතු බව මොබිටෙල් සමාගම දැඩිව විශ්වාස කරයි. දැඩි අර්බුදකාරී මෙන්ම අභියෝගාත්මක කාලසීමාවකදී ත්‍රිවිධ හමුදාවන් සහ සෞඛ්‍ය අංශය සමග ඒකාබද්ධ වෙමින් මොබිටෙල් සමාගම සිදුකරන මෙහෙවර සැබැවින්ම ප්‍රශංසනීය වේ. සන්නිවේදනයෙහි ඩිජිටල් නව්‍යකරණයන් නිරන්තරවම රටට හඳුන්වාදීමේ ප්‍රමුඛයා වන මොබිටෙල් සමාගම සිය ඩිජිටල් සෞඛ්‍යාරක්ෂණ විසඳුම් සහ ඩිජිටල් සන්නිවේදන විසඳුම් හරහා ශ්‍රී ලාංකිකයින්ට සිය උපරිම සහයෝගය ලබා දෙමින් සිටී.
රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරවීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සතු වගකීමට අමතර ශක්තියක් ලබා දෙන මොබිටෙල් සමාගම මෙම අභියෝගාත්මක කාලසීමාවේදී සිය පාරිභෝගිකයින්ට වඩාත් ආරක්ෂාකාරීව සිය ජීවිත පවත්වා ගැනීම සඳහා වටිනා හඳුන්වාදීම් රැසක් සිදුකරන ලදී. වගකීම්සහගත සන්නිවේදන සේවා සැපයුම්කරුවෙකු වශයෙන් විශේෂ පෙරගෙවුම් පැකේජ සහ බෝනස් ඩේටා සැලසුම් හඳුන්වාදීමට මොබිටෙල් සමාගම ගනු ලැබූ පියවර ඉතාමත් වැදගත්ය. එමෙන්ම නොමිලේ සෞඛ්‍ය උපදේශන සේවා සැපයීම, ඩිජිටල් ගෙවීම් ක්රමෝපායන් හඳුන්වාදීම, ඩේටා ප්‍රමාණ ඉහළ නැංවීම ඇතුළු තවත් බොහෝ හඳුන්වාදීම් ඊට අන්තර්ගත කරන ලද අතර, පාරිභෝගිකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා බාධාවකින් තොරව ඉටුකරගැනීමට එයින් ලැබී තිබෙන දායකත්වය සුවිසල්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැනි දේශීය සහ විදේශීය සංවිධාන හා ආයතනයන් විසින් කොවිඞ්-19 වසංගතය පිළිබ`දව සිය පණිවිඩ රටපුරා ජනතාව වෙත රැගෙන යාම සඳහා මොබිටෙල් ජාලයේ පුළුල් ආවරණයෙහි සහයෝගය ලබාගන්නා ලදී. අප විසින් මීට පෙර අත්විඳ නොමැති මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හිදී තම පාරිභෝගිකයින් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම යහපත වෙනුවෙන් මොබිටෙල් සමාගම ගෙන තිබෙන පියවරයන් සැබැවින්ම විශිෂ්ටත්වයෙන් පරිපූර්ණය.

ඡායාරූපය - වමේ සිට දකුණට - නලින් පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, මොබිටෙල් (පුද්ගලික) සමාගම, බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර - අධ්යක්ෂ, සිටි ට්‍රැෆික් යන මහත්වරුන් ඇතුළු අනිකුත් පොලිස් නිලධාරීන්
Video Story