August, 5, 2017
මූල්‍ය වෙළෙඳපොළේ පොලී නුපාතිකය දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.
දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය මට්ටමක පවතින බැවින් අගෝස්තු 02දා පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතික (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.25% සහ 8.75% දැනට පවතින මට්ටමේ පවතිනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති නිවේදනයේ දැක්වේ.
Video Story