පොළිය දහයෙන් පහළට

    July, 27, 2017

    ඊයේ (26) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.

    මෙහිදී දින 91 බිල්පත් පොළිය සියයට 9.56 සිට 9.44 දක්වා ද, දින 182 බිල්පත් පොළිය සියයට 10.01 සිට 9.71 දක්වා ද, දින 364 බිල්පත් පොළිය සියයට 10.18 සිට 9.99 දක්වා ද පහළ ගොස් තිබේ.

    2017 ජනවාරි දෙවන සතියෙන් පසු දින 182 හා දින 364 බිල්පත් සඳහා සියයට 10 කට අඩු පොළී අනුපාතිකයන් තීරණය වූ පළමු අවස්ථාව මෙය වේ.

    ඊයේ පැවති වෙන්දේසිය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.