පෝට්සිටි නතර වූ නිසා සෘජු විදෙස් ආයෝජන අඩුවෙලා

    April, 27, 2016

    2015 වසර තුළ දී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබා ගත් ණය ද ඇතුළත් මුළු විදේශීය සෘජු ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 1,161 ක් ලෙසින් වාර්තා වන අතර 2014 වසරේ දී අදාළ අගය වූ ඩොලර් මිලියන 1,635 හා සැසඳීමේ දී මෙය සැලකිය යුතු අඩුවීමකි.

    මේ අතර ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණය ඉවත් කළ පසු විදේශීය සෘජු ආයෝජන ඩොලර් මිලියන 681 ක් ලෙසින් වාර්තා වන අතර 2014 වසරේ දී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 894 ක් වශයෙනි.

    2015 වසර තුළ ජාතික මැතිවරණ දෙකක් පැවැත්වීම හේතුවෙන් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් ඇතිවන තුරු ආයෝජකයින් බලාසිටීම, ආයෝජකයින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදෙස් ආයෝජන ඉවත් කර ගැනීම හේතුවෙන් නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් තුළ ආයෝජනය කිරීමට ආයෝජකයින් පසුබට වීම හා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමාලෝචනය කිරීමට ගත් තීරණය හේතුවෙන් තාවකාලිකව එම ව්‍යාපෘතිව නතර කිරීම, 2015 වසර තුළ විදේශීය සෘජු ආයෝජන අඩු වීමට හේතු වී ඇත.

    පසුගිය දා එළිදක්වන ලද 2015 මහ බැංකු වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.