පෝට් සිටියේ ඉදිකෙරන ජාත්‍යන්තර පාසැලට, හෝටලයට, රෝහලට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

    September, 4, 2019

    අලුතින් ඉදිකළ කොළඹ වරාය නගරයෙහි ඉඩම් ගොඩකිරීමේ කාර්යය මේ වන විට අවසන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අනුමත සංවර්ධන ප්‍රධාන සැලැස්ම සහ සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා වූ ජාතික නියෝජිත ආයතනයේ සහය ඇතිව එම භූමියෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල, යාබද බිම් කොටසේ සම්මන්ත්‍රණ හෝටලයක් සඳහා ආයෝජනය කිරීමේ විකල්පය සහිතව ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම පිණිසත්, එම යෝජනා ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලව සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිසත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.