ප‍්‍රයිම් සමුහය “Property Guru Asia Property Awards” සම්මාන උළෙලේදී Best Developer ලෙස නැවත වරක් කිරුළු පළඳියි

    December, 12, 2019

    ශ‍්‍රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) සංවර්ධනය (Best Luxury Condo Development) හොඳම නිවාස ව්‍යාපෘති කාණ්ඩය (Best Housing Project categories) සහ ආයතනික සමාජ සත්කාරය සඳහා විශේෂිත සම්මානය (special recognition in CSR) ඇතුළුව සමස්ත සම්මාන 4කින් පිදුම් ලබයි.

    තායිලන්තයේ බැංකොක් නුවර Athenee හෝටලයේ පසුගිය නොවැම්බර් 22 වන දින පැවැත්වූ "Property Guru Asia Property Awards" සම්මාන උළෙලේ අවසන් වටයේ ශ‍්‍රී ලංකා කාණ්ඩයේ හොඳම දේපළ සංවර්ධක (Best Developer Award) ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපල සංවර්ධන ආයතනය වන ප‍්‍රයිම් සමුහය සමත් වූ බව නිවේදනය කර සිටියි.

    ප‍්‍රයිම් සමුහය හොඳම දේපල සංවර්ධක (Best Developer Award) ලෙස අඛණ්ඩව කිරුළු පැළඳි දෙවන අවස්ථාව මෙය වෙයි. මීට අමතරව ප‍්‍රයිම් සමුහයේ කොළඹ 07 වෝඞ් ප්ලේස් හි පිහිටි Prime Grand සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා හොඳම සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස සංවර්ධන සම්මානයත්, Prime Urban Art නිවාස ව්‍යාපෘතිය සඳහා හොඳම නිවාස ව්‍යාපෘති සම්මානයත් (Best Housing Project in Sri Lanka) සමුහයේ ආයතනික සමාජ සත්කාර සඳහා විශේෂිත සම්මානයත් දිනාගැනීමට ද ප‍්‍රයිම් සමුහය මෙහිදී සමත් විය.

    මේ පිලිබඳ අදහස් දක්වන ප‍්‍රයිම් සමුහයේ නියෝජ්‍ය සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය,‘‘ලෝකයේ ප‍්‍රධානතම දේපළ සම්මාන උළෙලකදී සම්මාන හතරක් ලබා ගැනීමට හැකිවීම පිලිබඳ අප ඉමහත් සතුටට පත්වෙනවා. විශේෂයෙන් හොඳම දේපල සංවර්ධක ලෙස අඛණ්ඩව දෙවන වතාවටත් අප ලැබූ මෙම ජයග‍්‍රහණය දේශීය දේපල වෙළෙඳාම තුළ අපගේ විශ්වාසවන්ත බව සහ නවෝතපාදනයන් සහිත සමාගමක් ලෙස අපගේ කාර්යභාරය තවදුරටත් තහවුරු කරන අතර උසස්ම තත්ත්වයේ දේපළ විසඳුම් ලබා දීමට අපව තවත් දිරිමත් කරනවා ” යැයි ප‍්‍රකාශ කළාය.

    ප‍්‍රයිම් සමුහයට අයත් වෝර්ඞ් පෙදෙසේ නිර්මාණය කරන ලද Prime Grand කොළඹ 07 එම ප‍්‍රදේශයේ උසම ගොඩනැගිල්ල වන අතර අනාගතයේ එහි පදිංචියට පැමිණෙන්නට අධි සුඛෝපභෝගිත්වය සමග මනස්කාන්ත දර්ශණ, ආකර්ශණීය ගෘහ නිර්මාණ ශිල්පීය අත්දැකීම්, යනාදී ප‍්‍රතිලාභ රැසක් භුක්ති විඳීමේ හැකියාව ලැබෙනු ඇත. එසේම කොට්ටාව සහ තලවතුගොඩ අතර පිහිටි Urban Art ව්‍යාපෘතිය වසර 2020 දෙසැම්බර් මාසයේ වැඩ නිමකිරීමට නියමිත අතර අක්කර 10 ක් පුරා පැතිරුණු නිවාස ඒකක 160 කින් සමන්විත වෙයි. එය තනි සහ දෙමහල් නිවාස යන නිවාස ඒකකයන්ගෙන් සමන්විත වෙයි.

    ගෝලීය වෙළෙඳ සන්නාමයක් වන කෝලර් විසින් ඉදිරිපත් කරනු ලැබූ 2019 "Property Guru Asia Property Awards"   සම්මාන උළෙල දේපල සංවර්ධන ක්ෂේත‍්‍රයේ වඩාත් පිළිගත් සම්මාන උළෙල වේ. මෙමගින් ආසියානු දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ හොඳම කාර්ය සාධනය සහිත ආයතන හඳුනාගනිමින් එම ආයතනයන් සම්මානයට පාත‍්‍ර කරනු ලබයි. මෙහි පවත්වනු ලබන  අවසන් උත්සවය වර්ෂ 2005 දී අරඹන ලද කලාපීය "Property Guru" ආසියානු සම්මාන වැඩසටහනේ කොටසක් වන අතර එය ලෝකයේ විශාලතම විගණන හා ගණකාධිකාරී ආයතනයක් වන BDO විසින් අධීක්ෂණය කරනු ලබයි. මෙම සම්මාන උළෙල දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ රන් සළකුණ ලෙස සලකනු ලබයි.

    ප‍්‍රයිම් සමුහය ‘‘මිහිකතෙන් හොඳම තැනක්” යන තේමා පාඨය අනුව ක‍්‍රියාත්මක වෙමින් අද වන විට දේපල සංවර්ධන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට සමත්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ සම්මානනීය සමාගමක් වන ප‍්‍රයිම් සමුහය  zzProperty Guru˜‍ ආසියානු දේපල  සම්මානයට අතිරේකව LMD ව්‍යාපාරික සඟරාව මගින් වඩාත් ගෞවරවනීය සමාගම් ලැයිස්තුවට 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තෙවතාවක් ඇතුලත් කර ඇති අතර ශ‍්‍රී ලංකාවේ සේවය කිරීමට වඩාත්ම  සුදුසුම ආයතන 25 අතරට ^Great place to work&  ද අවස්ථා 5කදී තේරී පත් වී තිබේ.

    ඡායාරූපය  - ප‍්‍රයිම් සමූහයේ සභාපති බ‍්‍රහමණගේ පේ‍්‍රමලාල් මහතා සහ ප‍්‍රයිම් සමූහයේ උප සභාපතිනි සඳමිනි පෙරේරා මහත්මිය ශ‍්‍රි ලංකාවේ විශිෂ්ටතම සංවර්ධක ^Best Developer Award& සඳහා වන සම්මානය සමඟ