ප‍්‍රයිම් සමූහය සිය Prime Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස හිමිකරුවන්ට ආශිර්වාද පිරිත් සජ්ඣායනාවකින් සෙත්පතයි

    February, 24, 2020

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා විශ්වසදායී දේපල සංවර්ධන සමාගම වන ප‍්‍රයිම් සමූහය විසින් රාජගිරියේ ඉදි කළ ප‍්‍රයිම් Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට සෙත් පතා විශේෂ ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් පෙබරවාරි 15වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රයිම් සමූහයේ සභාපති බ‍්‍රහ්මණගේ පේ‍්‍රමලාල් මහතා ඇතුළුව සමූහයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, සමූහයේ නිලධාරීන් මෙන්ම ප‍්‍රයිම් Splendour නිවාස හිමිකරුවන් ද සහභාගී වූහ.

    අති පූජ්‍ය දොඩන්ගොල්ලේ පඤ්ඤානන්ද හිමියන් ප‍්‍රමුඛ මහාසංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනාව පැවැත්වූ අතර ඉන් අනතුරුව නිවාස සහ නිවෙස් හිමියන්ට ආශිර්වාද කරමින් සෙත් පැතීමද සිදු කරන ලදි.

    ‘‘ප‍්‍රයිම් Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ප‍්‍රයිම් රෙසිඩන්සීස් විසින් පසුගිය කාලයේදී ඉදිකළ සහාධිපත්‍ය ව්‍යාපෘති 41 අතරට අයත් වෙනවා. මෙම නිවාස සංකීර්ණය නව ලොව ජීවන අත්දැකීම් හා මුසු වුන ආකර්ෂණීය ජීවන රටාවකට දොරටු විවර කරනවා. සමූහයක් ලෙස මෙම අවස්ථාව ආශිර්වාද පිරිත් සජ්ඣායනාවකින් ඇරඹීම තුලින් මෙහි පදිංචිව සිටින්නන්ට සහ සමූහයක් ලෙස අපගේ ව්‍යාපාරික කටයුතු සඳහා ආශිර්වාද හිමිකර ගැනීම අපගේ අරමුණ වූ අතර මේ සඳහා විවිධ ආගම් අදහන නිවෙස් හිමියන්ගේද සහභාගීත්වය දක්නට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කරන්නට කැමතියි. එමෙන්ම බහු විධ ආගම් අදහන ශ‍්‍රී ලාංකිකයින් ලෙස අප අතර සංහිඳියාව සහ සහජීවනය මෙබඳු ආගමික වැඩසටහන් ඔස්සේ මනාව පිලිබිඹු කෙරෙනවා’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසීය.

    කොළඹ නගරයේ උසම ස්ථානයේ ඉදිවූ ප‍්‍රයිම් සුඛෝපභෝගී නිවාස සංකීර්ණය දැරිය හැකි මිලකට මිලදී ගත හැකි සුඛෝපභෝගී නිවාස ඒකක 68කින් සමන්විත වන අතර අද්විතීය ගෘහනිර්මාණ ශිල්පීය හා ඉංජිනේරු තාක්ෂණයකින් ඉදිවූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැක. ‘‘මිහිකතෙන් හොඳම තැනක් ’’ යන දැක්ම සමග ක‍්‍රියාත්මක ප‍්‍රයිම් රෙසිඩන්සීස් සැමවිටම කොළඹ සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හි ඉහළම තත්ත්වයේ සුපිරි නිවාස පාරිභෝගිකයන්ට ලබා දෙයි. එසේම නිසංසල සුවපහසු ජීවන රටාවත් සමග කොළඹට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටීම යන කරුණු නිසා වඩාත් සමබර අගනගර ජීවන රටාවකට හිමිකම් කීමේ අවස්ථාවද මේ නිසා එහි නිවැසියන්ට හිමි වෙයි. ප‍්‍රයිම් Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණය, ප‍්‍රිය සම්භාෂණ පැවැත්විය හැකි ඉහල මහලක්, ළදරු පිහිනුම් තටාකයක් සහිත විශාල පිහිනුම් තටාකයක් මෙන්ම ඉහළ මහලේ අංග සම්පූර්ණ ව්‍යායාම මධ්‍යස්ථානයක් ආදී විශේෂාංග රැසකින් සමන්විත වන අතර පාසල්, බැංකු , අවන්හල් වැනි අත්‍යාවශය සේවාවන්ට සමීපයෙහි පිහිටා ඇත.

    ප‍්‍රයිම් රෙසිඩෙන්සීස් හි සියලූම ව්‍යාපෘති නිවාස සහ සමෘද්ධි අමාත්‍යංශයේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සහාධිපත්‍ය සහතිකය හිමි ව්‍යාපෘතීන් වේ. සහාධිපත්‍ය අධිකාරියේ වෙබ් අඩවිය වන www.condominium.lk මගින් සහාධිපත්‍ය අනුමැතිය හිමි ව්‍යාපෘති පිලිබඳ සියලූ තොරතුරු ලබා ගත හැකි වේ.

    ‘‘මිහිකතෙන් හොඳම තැනක් ’’යන දැක්ම සමග ක‍්‍රියාත්මක ප‍්‍රයිම් රෙසිඩන්සීස් සැමවිටම කොළඹ සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හි ඉහළම තත්ත්වයේ නිවාස පාරිභෝගිකයන්ට ලබා දෙයි.

    ප‍්‍රයිම් රෙසිඩන්සීස් හි මව් සමාගම වන ප‍්‍රයිම් ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම මීට වසර 25 කට පෙර ආරම්භ කරන ලද අතර අද වන විට දේපල සංවර්ධන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට සමත්ව තිබේ, ශ‍්‍රී ලංකාවේ සම්මානනීය සමාගමක් වන ප‍්‍රයිම් ලෑන්ඞ්ස් ශ‍්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් 25 අතරට අඛණ්ඩව 5 වතාවක් තේරී පත් වූ අතර LMD ව්‍යාපාරික සඟරාව මගින් වඩාත් ගෞරවනීය සමාගම් ලැයිස්තුවට 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තෙවරක් ඇතුලත් කර ඇත. එමෙන්ම ප‍්‍රයිම් සමූහයේ සභාපති වරයා සහ සම සභපතිවරිය ඛඵෘ ව්‍යාපාරික සඟරාව මගින් 2019 වසරේ දී මෙරට විශිෂ්ටතම ව්‍යාපාර 100ට අයත්‘Realty Visionary’ and ‘Power Woman’ලෙසින් ඇගයුමට ලක් කළ අතර කීර්තිමත් PropertyGuru Asia Property Awards සම්මාන උළෙලේදී 'Best Developer' සහ 'Best Luxury Condo Development' යන සම්මාන ද්විත්වය දිනා ගැනීමට ද ප‍්‍රයිම් සමූහය සමත් විය. Asia One ස`ගරාව විසින් ඇගයීමට ලක් කරන ආසියාවේ විශිෂ්ටතම සන්නාම අතරට සහ 2018 වසරේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා බවට පත්වීමට ද ප‍්‍රයිම් සමූහයට හැකි විය.