ප‍්‍රීමා වෙතින් Singapore Management University හි ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ඩොලර් මිලියන 2 ක ශිෂ්‍යත්ව ක‍්‍රමයක්

    August, 20, 2018

    Singapore Management University හි ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ඩොලර් මිලියන 2 ක ශිෂ්‍යත්ව ක‍්‍රමයක් ආරම්භ කිරීමට ප‍්‍රීමා සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙයට සිංගපූරු රජයෙන් ලැබෙන දායකත්වයත් සමග මෙම අරමුදල ඩොලර් මිලියන 3 දක්වා ඉහළ ගොස් ඇත.
    මේ සම්බන්ධ ගිවිසුමට ප‍්‍රීමා සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රීමස් චෙන්ග් මහතා සහ Singapore Management University හි සභාපති මහාචාර්ය ආනෝඞ් ඩි මේයර් මහතා විසින් අත්සන් තබන ලදි. මෙම අවස්ථාවට සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් වීරරත්න මහතා සහ ප‍්‍රීමා සමාගමේ හා Singapore Management University හි කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ.

    ‘‘ප‍්‍රීමා සිලෝන් සමාගමේ 40 වන සංවත්සරය නිමිත්තෙන් මේ ආකාරයට ීසබට්චදරු ඵ්බ්ටැපැබඑ ඹබසඩැරිසඑහ සමග එක්වී ‘ප‍්‍රීමා සිලෝන් ශිෂ්‍යත්ව වැඩසටහන’ ආරම්භ කිරීමට අප තීරණය කළා. මෙය එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන, මූල්‍යමය සහයක් අවශ්‍ය ශ‍්‍රී ලාංකික සිසුන්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේවි.” ප‍්‍රීමස් චෙන්ග් මහතා පැවසී ය.

    ‘‘මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් අප ප‍්‍රීමා සමාගමට ස්තූතිවන්ත වෙනවා. මෙය අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට මහඟු අත්වැලක් වගේම විශ්ව විද්‍යාලය තුළ වඩාත් විශිෂ්ට අධ්‍යාපන පසුබිමක් ස්ථාපිත කිරීමටත් උපකාරී වේවි කියා මා සිතනවා. මෙම හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ අපේක්ෂාවයි.” මහාචාර්ය ආනෝඞ් ඩි මේයර් මහතා එසේ සිය අදහස් දැක්වී ය.

    2019 - 20 අධ්‍යයන වර්ෂයේ සිට, අත්වැලක් අවශ්‍ය එක් සිසුවෙකුට හෝ සිසුවියකට තම වාර්ෂික පාඨමාලා ගාස්තු සහ අධ්‍යාපන වියදම් සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනැමෙනු ඇත.

    අධ්‍යාපන දක්ෂතා සහ විෂය බාහිර ක‍්‍රියාකාරකම් ආදිය ඉහළ මට්ටමින් පවත්වාගෙන යා යුතුය යන කොන්දේසිය මත, එක් සිසුවෙකු හෝ සිසුවියක සඳහා වසර 4 ක අධ්‍යයන කාලයක් වෙනුවෙන් ඩොලර් 90,000 ක මුදලක් මේ යටතේ පිරිනැමේ. අනාගතයේදී අදාළ සිසුන්ට ප‍්‍රීමා සමාගම තුළ පුහුණු හෝ වෘත්තීය අවස්ථා හිමිවීමට ඉඩ ඇත.

    Singapore Management University සහ ප‍්‍රීමා සමාගම අතර සම්බන්ධතාව 2000 වසර දක්වා ඈතට දිවයයි. 2000 වසරේ මාර්තු මාසයේදී, එනම් විශ්ව විද්‍යාලය ආරම්භ කර මාස 2 ක් ගතවූ පසු එහි ගිණුම්කරණය සම්බන්ධ Cheng Tsang Man මහාචාර්ය ධූරය ස්ථාපිත කිරීම සඳහා ප‍්‍රීමස් චෙන්ග් මහතා එම විශ්ව විද්‍යාලයට ඩොලර් මිලියන 1.5 ක මුදලක් පරිත්‍යාග කළේ ය. ඒ මහතා මෙම පරිත්‍යාගය සිදුකරන ලද්දේ ප‍්‍රීමා සමාගමේ නිර්මාතෘ වූ, අභාවප‍්‍රාප්ත තම පියාට උපහාරයක් වශයෙනි. අද දක්වා මෙම මහාචාර්ය ධූරය යටතේ ආරාධිත මහාචාර්ය වරුන් 27 දෙනෙකු පර්යේෂණ සිදුකිරීම සහ දේශන පැවැත්වීම සිදුකර ඇත.

    එමෙන්ම 2011 වසරේදී ප‍්‍රීමස් චෙන්ග් මහතා එම විශ්ව විද්‍යාලයේ School of Accountancy Research Symposium ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කළේ ය. වාර්ෂික පර්යේෂණ සංසදයක් වන මෙය ලොව පුරා ප‍්‍රමුඛ පෙළේ අධ්‍යාපනය ආයතන නියෝජනය කරන විද්වතුන්ගේ දායකත්වය ලබන වැඩසටහනකි.

    ඡායාරූපය: ප‍්‍රීමා සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රීමස් චෙන්ග් මහතා සහ Singapore Management University හි සභාපති මහාචාර්ය ආනෝඞ් ඩි මේයර් මහතා අදාළ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව