බදු සහන ලබා දීම නිවැරදි තීරණයක් නොවේ – නාමල්

    May, 6, 2022

    රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. BBC ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    රජය බලයට පත්වූ විගස අතිවිශාල බදු සහන ලබා දෙමින් ආදායම ගැන තැකීමක් නොකර තීරණ ගැනීම නිවැරදි තීරණයක්දැයි ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ එය නිවැරදි නොවන තීරණයක් බවයි.

    මම හිතන්නේ එය නිවැරදි තීරණයක් නොවෙයි, නමුත් ඒ අවස්ථාවේ දී දේශීය ව්‍යාපාර, නැවත ආර්ථිකයට ආයෝජනය කරාවි යන නිවැරදි චේතනාවකින් ඒ අවස්ථාවේ දී ගත් දෙයක්.  නමුත් ඔහු සිතුව පරිදි එය සිදුවුණේ නැහැ.

    මේ අතර ආර්ථික තීරණ ගැනීමට දේශපාලකයින්ට පුළුවන්කමක් නොමැති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ රුපියල පා කිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    ආර්ථික තීරණ දේශපාලඥයින්ට ගන්න බැහැ. ආණ්ඩුව, මුදල් ඇමති, මුදල් ලේකම් ක්‍රියාත්මක කරන්නේ ඇතැම් නිලධාරීන් දෙන උපදෙස් අනුව. සමහරක් නිලධාරීන් දුන්නේ වැරදි උපදෙස්.