January, 18, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන TEA SMALLHOLDER FACTORIES PLC, 2018 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රුපියල් මිලියන 13.71 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2017 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේ දී 47% ක වර්ධනයක් ලෙසින් සටහන් වේ.
කෙසේ වෙතත් මෙම ශුද්ධ ලාභය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රුපියල් මිලියන 8.96 ක බදු ප්‍රතිවර්තනයකි (Reversal). මේ පිළිබඳ විශේෂ සටහනක් මූල්‍ය ප්‍රකාශනයෙහි දක්වා ඇත.
කාර්තුවේ වාර්තා වන ශුද්ධ ලාභය ඒ අනුව 47% කින් ඉහළ ගොස් තිබුණ ද, සමාගමේ බදු ගෙවීමට පෙර ශුද්ධ ලාභය රුපියල් මිලියන 13 සිට රුපියල් මිලියන 4.74 ක් දක්වා 64% ක පහළ යාමක් පෙන්නුම් කරනු ලබයි.
මේ අතර 2018 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගය ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් මිලියන 15 ක් ලෙසින් සටහන් වේ. මෙය 2017 අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 128% ක පහළ යාමකි.
TEA SMALLHOLDER FACTORIES PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වන්නේ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 37.62% කට හිමිකම් කියනු ලබන John Keells Holdings PLC විසිනි. Akbar Brothers Limited (24.39%) හා Central Finance Company PLC (22.85%) පිළිවෙලින් TEA SMALLHOLDER FACTORIES PLC දෙවැනියාට හා තෙවැනියාට විශාලතම කොටස්හිමියන් වේ.

Video Story