බලගතු පාස්පෝට් ලැයිස්තුව අලුත් වෙයි – ලංකාවත් උඩට

    March, 28, 2016

    ලංකාවේ ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව රටවල් 47 ක්
    එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය අංක 1ට

    ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව, පළමු තැනට එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. ඊට අනුව එම රටවල් දෙකෙහි ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 147 කට ඇතුළත් වීමට හැකියාව තිබේ.

    යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

    මෙහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 145 ක් සඳහා ප්‍රවේශය සහිත දකුණු කොරියාව, ජර්මනිය හා ප්‍රංශයයි. රටවල් 144 කට ප්‍රවේශය ඇති ඉතාලි හා ස්වීඩන් ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ තෙවන තැන හිමිව තිබේ.

    මෙම වර්ගීකරණයේ 70 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 47 ක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි බව සඳහන් වේ. මීට පෙර වර්ගීකරණය අනුව නිශ්චිතවම ශ්‍රී ලංකාවට ප්‍රවේශය තිබුණේ රටවල් 39 කට පමණි.

    මියන්මාර්, සොලමන් දූපත්, පලස්තීනය, සාඕ ටොම් හා ප්‍රින්සිප් සහ දකුණු සුඩාන ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ අවසාන තැන හිමිව තිබේ. අදාළ වාර්තාවට අනුව ඉහත ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ප්‍රවේශ විය හැකි රටවල් ගණන 28 කි.

    පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වර්ගීකරණයයි. එක් එක් රටවලට ඉදිරියෙන් දැක්වෙන්නේ වීසා නොමැතිව ඇතුල් විය හැකි රටවල් ප්‍රමාණයයි.

    RANK: 1 - United Kingdom, United States of America - 147
    RANK: 2 - South Korea, Germany, France - 145
    RANK: 3 - Italy, Sweden - 144
    RANK: 4 - Singapore, Japan, Finland, Denmark, Luxembourg, Netherlands - 143
    RANK: 5 - Switzerland, Canada - 142
    RANK: 6 - Hungary, Ireland,Belgium, Portugal, Norway, Spain - 141
    RANK: 7 - Malaysia, Greece, Austria - 140
    RANK: 8 - New Zealand - 139
    RANK: 9 - Cyprus, Czech Republic, Australia - 138
    RANK: 10- Slovakia, Poland - 137
    RANK: 11- Hong Kong, Malta - 136
    RANK: 12- Iceland, Slovenia - 135
    RANK: 13- Estonia, Latvia - 134
    RANK: 14- Lithuania, Bulgaria - 132
    RANK: 15- Liechtenstein - 131
    RANK: 16 - Argentina, Israel - 129
    RANK: 17 - Romania, Brazil, Monaco - 128
    RANK: 18 - Brunei - 125
    RANK: 19 - Croatia, Chile - 124
    RANK: 20 - San Marino - 123
    RANK: 21 - Barbados, Andorra - 122
    RANK: 22 - Bahamas, Mexico - 119
    RANK: 23 - Seychelles - 116
    RANK: 24 - Taiwan - 115
    RANK: 25 - Antigua and Barbuda, Saint Lucia - 114
    RANK: 26 - Vatican City, St. Kitts and Nevis, Uruguay, Venezuela - 113
    RANK: 27 - Mauritius - 111
    RANK: 28 - Costa Rica, Panama - 110
    RANK: 29 - Trinidad and Tobago, Turkey - 108
    RANK: 30 - Macao, St. Vincent and the Grenadines - 106
    RANK: 31 - United Arab Emirates, Serbia - 104
    RANK: 32 - Paraguay - 103
    RANK: 33 - Grenada, Tonga 102
    RANK: 34 - Macedonia (FYROM) - 101
    RANK: 35 - Honduras - 100
    RANK: 36 - Guatemala, Montenegro, Russian Federation - 98
    RANK: 37 - El Salvador, Moldova - 97
    RANK: 38 - Dominica, Ukraine, Colombia - 96
    RANK: 39 - Samoa - 95
    RANK: 40 - Vanuatu, Bosnia and Herzegovina - 94
    RANK: 41 - Nicaragua - 93
    RANK: 42 - Albania - 91
    RANK: 43 - Palau - 85
    RANK: 44 - South Africa - 84
    RANK: 45 - Guinea - 81
    RANK: 46 - Belize - 75
    RANK: 47 - China - 74
    RANK: 48 - Peru - 72
    RANK: 49 - Sierra Leone - 69
    RANK: 50 - Botswana, Kenya - 68
    RANK: 51 - Jamaica, Tuvalu - 67
    RANK: 52 - Gambia, Niger, Qatar,Belarus, Ghana - 66
    RANK: 53 - Maldives, Lesotho, Kazakhstan - 65
    RANK: 54 - Kuwait, Kiribati, Guyana, Ecuador - 64
    RANK: 55 - Fiji, Thailand - 63
    RANK: 56 - Timor-Leste, Swaziland, Nauru - 62
    RANK: 57 - Mali, Tanzania, Nigeria, Zambia, Bahrain, Saudi Arabia, Namibia, Azerbaijan, Tunisia, Philippines - 61
    RANK: 58 - Malawi, Mongolia, Morocco, Benin - 60
    RANK: 59 - India, Georgia - 59
    RANK: 60 - Uganda, Papua New Guinea, Suriname, Indonesia, Senegal - 57
    RANK: 61 - Cape Verde, Cote D'Ivoire (Ivory Coast), Bolivia - 56
    RANK: 62 - Armenia - 55
    RANK: 63 - Oman, Marshall Islands, Kyrgyzstan - 54
    RANK: 64 - Zimbabwe, Congo, Burkina Faso, Tajikistan, Uzbekistan, Mauritania, Egypt - 53
    RANK: 65 - Liberia, Mozambique, Cuba - 52
    RANK: 66 - Viet Nam, Guinea-Bissau, Algeria - 51
    RANK: 67 - Bangladesh, Micronesia, Togo - 50
    RANK: 68 - Jordan - 49
    RANK: 69 - Syria, Cameroon - 48
    RANK: 70 - Iran, Sri Lanka, Libya, Sudan, Turkmenistan - 47
    RANK: 71 - Laos, Pakistan - 46
    RANK: 72 - Chad - 45
    RANK: 73 - North Korea, Lebanon, Gabon, Cambodia, Dominican Republic - 44
    RANK: 74 - Rwanda, Angola - 43
    RANK: 75 - Madagascar - 42
    RANK: 76 - Kosovo, Yemen, Congo (Dem. Rep.), Central African Republic - 41
    RANK: 77 - Burundi, Haiti, Bhutan, Comoros, Equatorial Guinea - 40
    RANK: 78 - Somalia, Eritrea - 39
    RANK: 79 - Iraq, Afghanistan, Nepal, Ethiopia, Djibouti - 38
    RANK: 80 - Myanmar [Burma], Solomon Islands, Palestinian Territories, Sao Tome and Principe, South Sudan - 28