බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට

    August, 26, 2016

    අද (26) මධ්‍යහ්නය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 40 ක් ඉක්මවා පහළ ගොස් තිබිණි.

    මෙහිදී නිරීක්ෂණය කළ හැකි වූ විශේෂ තත්ත්වයක් වූයේ විදුලිබල හා බලශක්ති කාණ්ඩයට අයත් සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් පහළ ගොස් තිබීමයි.

    මෙහිදී කැපී පෙනුණු සිදුවීම වූයේ ලංකා IOC සමාගමේ කොටස් මිල, පෙර දිනයට සාපේක්ෂව 8.59% කින් පහළ බැසීමයි. මෙහිදී කොටස් මිලියන 4.3 ක් ගනුදෙනු වී තිබුණු අතර රුපියල් මිලියන 170 ක පිරිවැටුමක් ලංකා IOC කොටස් ගනුදෙනු තුළින් ජනනය වී තිබිණි.

    මේ අතර බ්‍රවුන්ස් හයිඩ්‍රොපවර් සමාගමේ කොටස් මිල 2.86% කින් ද, ලාෆ්ස් ගෑස් - ඡන්ද බලය හිමි කොටසක් 0.80% ක් හා ලාෆ්ස් ගෑස් - ඡන්ද බලය අහිමි කොටසක් 1.90% කින් ද සහ වැලිබල් පවර් කොටසක් 1.08% කින් පහළ ගොස් තිබිණි.

    මේ සම්බන්ධයෙන් අද (26) දින පස්වරු 12.03 ට පමණ ගත් දත්ත සටහනක් පහත දැක්වේ.