බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදනවා – රවී

    February, 2, 2017

    ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි උත්තරයක් ලබා දෙනු ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව හෝ කැබිනට් අනුකමිටුව මේ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් ලංසු ඉදිරිපත් කර ඇති ඇතැම් සමාගම් නොයෙක් ප්‍රකාශ කරනු ලබන බවත්, බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේය.

    https://www.youtube.com/watch?time_continue=154&v=Fj1HzHItEUs