බස්-දුම්රිය දෙකටම ටිකට් එකයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද හෙටම ජනතා අයිතියට

    September, 18, 2018

    පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීමක් පළමු වරට ශ්‍රී ලංකාවට ලබා දීමේ අරමුණින් ඇරඹි කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩකටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

    මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කොට්ටාව මාකුඹුරේ දී හයිලෙවල් මාර්ගයට සම්බන්ධ වන අතර එකම පර්යන්තයකින් එය කැලණිවැලි දුම්රිය මාර්ගය හා සම්බන්ධ වේ. මේ අනුව ලොව අනෙකුත් දියුණු රටවල මෙන් එක් ටිකට් පතකින් බස් හා දුම්රිය ප්‍රවාහන සේවා දෙකම ලබා ගැනීමේ අවස්ථාව මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා හිමිවේ.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව නිර්මාණය කරන ලද වීඩියෝවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහා එළිදක්වා තිබෙන අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග ආරම්භයේදී මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ දුම්රිය සහ බස්රථ නතර කෙරෙන බවත් මාලඹේ දක්වා දැනට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ගයද මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා අනාගතයේදී දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

    පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.