බ්ලූම්ෆීල්ඩ් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් නමින් දැවැන්ත ව්‍යාපෘතියක්

    March, 14, 2014

    කොළඹ, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයට යාබදව කාමර 100 කින් යුතු හෝටලයක් ඇතුළත් “බ්ලූම්ෆීල්ඩ් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස්“ යනුවෙන් නම්කළ ව්‍යාපෘතියක් සිදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සූදානම් වේ.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමල් පෙරේරා මහතා පැවසුවේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා දේශීය ආයෝජකයෙකු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

    “ක්‍රීඩා කිරීමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් සැපයීම සඳහා මෙම හෝටලය ඉදිකරනවා. මෙහිදී, ආයෝජකයා සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හෝටලය කළමනාකරණය කිරීමටයි අදහස් කර තිබෙන්නේ.“

    යනුවෙන් සභාපතිවරයා කීය.

    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 03 ක පමණ මුදලක් වැයවනු ඇතැයි නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.