බ්ලූ ඕෂන් සමාගම ඵෙතිහාසික 21වැනි ව්‍යාපෘතියට මුල්ගල තබයි

    February, 6, 2017

    කොළඹ 04 ලෙයාර්ඞ්ස් පාරේ නවතම ඉදිකිරිම සුබ මොහොතින් ඇරඹේ

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකටතම සහාධිපත්‍ය ඉදිකිරිම් සමාගමක් වන - බ්ලූ ඕෂන් සමුහ ව්‍යාපාරය තම විසිඵක්වන ව්‍යාපෘතියට මුල්ගල තැබීම, කොළඹ 04 (බම්බලපිටිය), ලෙයාර්ඞ්ස් පාරේ, අංක 15 දරණ ස්ථානයෙදි, පෙබරවාරි 2 වනදා (බ‍්‍රහස්පතින්දා) මහත් උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජයේ ආශිර්වාදයෙන් පැවැත්වූ මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා, සහ හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා ඇතුලූ ආරාධිත මහත්ම මහත්මින් බොහොමයක් සහභාගිවිය.

    ”2017 වසර ශ‍්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ආසියා ශාන්තිකර කලාපයේම ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් වැදගත් වසරක් වෙනවා නොඅනුමානයි. මෙම වසරෙදි ශ‍්‍රී ලංකාවට විදේශ ආයෝජන බොහොමයක් මෙන්ම විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ගලා ඵන බවට ව්‍යාපාරිකයන් හැටියට අප තරයේ විශ්වාස කරනවා,” යැයි බ්ලූ ඕෂන් සමුහ ව්‍යාපාරයේ සභාපතිතුමන් වන එස්. තුමිලන් මහතා මෙහිදි පැවසීය.

    ශ‍්‍රී ලංකාවේ ඉදිකිරිම් කර්මාන්තය තව වසර පහකින් රුපියල් බිලියන 6,500ක සුවිසල් කර්මාන්තයක් වනු ඇතැයි මෙම රජය අපේක්ෂා කරන බවට, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තම 2017 අයවැය කථාවේදි කළ සඳහන, සභාපතිතුමා ව්‍යාපාරික ප‍්‍රජාවට මෙහිදි මතක්කර සිටියේය.

    ”ඇමරිකානු ඩොලර් 300,000කට වැඞ් ආයෝජනයක් සිදුකරන විදේශ ආයෝජකයින් හට තාවකාලික වීසා ලබාදිමට මෙම රජය ගත් තීරණය ඉදිකිරිම් කර්මාන්තයට මහත් පිටිවහලක් වන බවට නොඅනුමානයි,”යැයි ඔහු තව¥රටත් පැවසීය.

    සාංගමික උපදේශන, වෙළෙඳ, අධ්‍යාපන, ඉංජිනේරු උපදේශන හා ඉදීකිරිම් සඳහා මහඟු නමක් දිනාගෙන ඇති බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරය තම ව්‍යාපාරික කටයුතු එක්සත් රාජධානිය, මැදපෙරදිග, ඕස්ටෙ‍්‍රලියාව වැනි රටවලත් ව්‍යාප්ත කර ඇත.

    ජාත්‍යන්තර අවධානය දිනූ ලංකාෙවි ඉදිකිරිම් අංශයේ පුරෝගාමී බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන ලින්ක් ඉංජිනියරින් (පෞද්) සමාගම පසුගිය වසරෙදී රුහුණු විශ්ව විද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ‍්‍රවණාගාරය ගොඩනැගීම සඳහා කොන්ත‍්‍රාත් ලබා ගැනීමෙන් ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ තවත් විශාල ජයග‍්‍රහණයක් සනිටුහන් කරන ලදි.

    බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරය පුරා වසර ගණනක් මුළුල්ලේ පැවතුණු පුරෝගාමී සමාගමක් වන අතර නව්‍යකරණය සහ නිර්මාණකරණය තුලින් ලංකාවේ පමණක් නොව ආසියා ශාන්තිකර කලාපයේම නමක් දිනා ඇත.