බ්‍රවුන්ස් බිලියන 2.8 කට LOLC Leisure මිලදීගනී

    March, 21, 2014

    ලංකා ඔරික්ස් ලීසිං සමාගම සතුව LOLC Leisure සමාගමේ තිබූ සියයට 70 ක කොටස් රුපියල් බිලියන 2.8 කට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට විකුණා තිබේ.

    මෙම මිලදී ගැනීමත් සමගම කාමර 1000 කට වැඩි ප්‍රමාණයක් කළමනාකරණය කරන මෙරට විශාලතම හෝටල් සමාගමක් බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පත්වේ.

    මෙම මිලදී ගැනීමට පෙර LOLC Leisure සමාගමේ සියයට 30 ක කොටස් අයිතියක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතුවිය.

    පාම් ගාඩ්න් හොටෙල් පීඑල්සී, ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සී, දික්වැල්ල රිසෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ට්‍රොපිකල් විලාස් ප්‍රයිවට් ලිමිටඩ් සහ රිවරිනා රිසෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වල පාලිත කොටස් අයිතිය තිබෙන්නේ LOLC Leisure සමාගමටයි.