බ්‍රිතාන්‍ය සිනමා දර්ශනතල කළමනාකරුවන් ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන සොයා මෙහෙයුමක

    December, 3, 2018

    ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ රූපවාහිනී කතා මාලාවෙහි දර්ශනතල කළමනාකරු ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය සිනමා දර්ශනතල කළමනාකරුවන් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ගම්නියම්ගම් සිසාරා සංචාරය කරමින් ඔවුන්ගේ ඊළඟ ව්‍යාපෘතිය සදහා මෙරට අතිශයින් දර්ශනීය ස්ථාන සොයා මෙහෙයුමක් දියත් කළහ.

    සිනමා සංචාරක කණ්ඩායමට සාමාජිකයින් අටක් ඇතුලත් වන අතර රටට ඉතාමත් ලාභදායි විය හැකි ශ්‍රී ලංකාවේ දර්ශනතල හදුන්වා දීමේ සංචාරය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි. මෙම සංචාරය සංවිධානය කරනු ලැබුවේ කාර්යාංශය එක්සත් රාජධානියේ පවතී  ‘FOCUS 2017’ සාර්ථක ලෙස සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වීමෙන් පසුවයි.

    සංචාරයට සහභාගී වන දර්ශන තල කළමනාකරුවන් අතර ස්පයිඩර් මෑන් (Far from Home), ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි සහ එක්ස් මෙන් චිත්‍රපටි වල දර්ශන තල කළමනාකරු ඩේවිඩ් පිනින්ග්ටන් ද විය. තවද මෙම සංචාරයට හොලිවූඩ් බ්ලොක්බස්ට්ර් සිනමාපට වන ලෙ මිසරාබ්ල, ද කිංග්ස් ස්පීච් සහ ස්නොමන් හි දර්ශන තල කළමනාකරු හා අධීක්ෂකවරිය කැමිලියා ස්ටීවන්ස් ද එක් විය. මේ අතර පිනින්ග්ටන් දේශීය දර්ශන තල කළමනාකරුවන් සමග B2B සාකඡ්චාවක් පවත් වන ලද අතර එහි දී ශ්‍රී ලංකාව ජනප්‍රිය චිත්‍රපටි රූගත කරන ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කල හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    “චිත්‍ර රූගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉතාමත් සිත් ඇදගන්නා සුළුයි වන අතර ඒවා වෙතට ඉතාමත් පහසුවෙන් ලඟා විය හැක. මෙම ස්ථාන ඉතා දර්ශනීයයි. සීගිරියේ සිංහ පර්වතය හා එහි ගුවනින් නැරඹු දර්ශන ආකර්ෂනීයයි” පිනින්ග්ටන් කීහ.

    මෙම කණ්ඩායමට  BAFTA (සිනමා හා රූපවාහිනී කල පිලිබඳ බ්‍රිතාන්‍ය ඇකඩමිය) සාමාජිකයෙකු වන හා වසර දහයක් පුරා දර්ශන තල කළමනාකරුවන්ගේ සංසදයේ සභාපති ලෙස කටයුතු කල මික් රැට්මන් ද ඇතුලත් විය. ඔහු තමන්ගේ විශේෂඥතාව ද ෆ්ලැග්, වෙල්කම් ටු සරයේවෝ හා ශිවරී : ජෝන් 2/14 යන චිත්‍රපටි වලට සුදුසු දර්ශන තල සොයා ගැනීම සදහා ඉවහල් විය

    “දේශීය චිත්‍රපටි නිෂ්පාදන සමාගම් හමු වීම වැදගත්. ඔවුන් හැකියාවක් ඇති ඉතා පළපුරුදු බව හැඟුනා. එය ඉතාමත් හොඳ තත්වයක්. චිත්‍රපට රූගත කරන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉතා හොඳ තේරීමක්. නමුත් චිත්‍රපට සංචාරය ප්‍රවර්ධනයට හා වෙනසක් ඇති කිරීමට මීට වඩා රජයේ සහය අවශ්‍යයි. සංචාරයේදී මම ගොඩක් සිත් ගන්නා ස්ථාන දුටුවා. මම නැගෙනහිර තීරය මගේ සිත්ගත්තා. එහි වෙරල අකර්ශනීයයි. වාහන තදබදය උග්‍ර වුවත් කොළඹ සිත්ගන්නා සුළුයි” ඔහු පැවසීය.

    එක්ස් මෙන්, ද මමී රිටර්න්ස්, කින්ග්ස්මන්, පැඩින්ග්ටන් 2 යන සිනමා පට වල දර්ශන තල කළමනාකරු මාටින් වෝකර් මෙම සංචාරයට සහභාගී වූ අතර බ්ලිට්ස් ස්ටාර්, රොක් න් රෝල්ලා, ඩ්‍රයිවින් ලෙස්න්ස් හා ටොම් සහ ඉසි යන  චිත්‍රපට වල දර්ශන තල කළමනාකරු බෙන්ජමින් ඉයන් මක්ග්රෙග්ර් ද එම කණ්ඩායම අතර වුහ.

    එඩුවර්දෝ රෝද්රිගවරෙස් යන දර්ශන තල කළමනාකරු ජාත්‍යන්තර දර්ශන තල කළමනාකරුවන්ගේ සංසදය,  මහා බ්‍රිතාන්‍යයේ චිත්‍රපට නිෂ්පාදන සංසදය හා ෆිල්ම් ලන්ඩන් යන සංවිධාන වල සාමාජිකයෙක් වේ. ඔහු බ්‍රේකින් ද බෑන්ක් හා හවුස් ෆුල් 3 යන නිර්මාණ වලට දායක වූ අතර ශෝනා ස්මිත් බ්‍රිතාන්‍ය චිත්‍රපට කර්මාන්තය සදහාම වෙන් වූ UK වෙබ් මැගසිනයකට දායක වේ.

    ප්‍රවීණ සිනමාකරු චන්ද්‍රන් රත්නම් ද හිල්ටන් හෝටලයේ පැවැත්වූ B2B කතිකාවතට එක් වෙමින් කියා සිටියේ මෙලෙස මෙරටට පැමිණි දර්ශන තල කළමනාකරුවන් හමුවීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට මහඟු පිටුවහලක් වන බවයි. “මම සිතන ආකාරයට මෙය ඉතා හොඳින් සංවිධානය කරන ලද කාලෝචිත වැඩසටහනක්. යුද්ධයෙන් පසු අපේ රට චිත්‍රපටි රූගත කල හැකි ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කලේ නැහැ නමුත් ඉන් පෙර ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍රපටි මෙහි පටිගත කරනු ලැබුවා. එම නිසා එක්සත් රාජධානියේ දර්ශන තල කළමනාකරුවන් මෙහි ගෙන්වීම සාර්ථක උත්සහයක්. ඔවුන් නැවත ආපසු තම රටට ගිය විට ශ්‍රී ලංකාවේ දී සිනමා නිර්මාණ රූගත කිරීම ඉහල යාම තුලින් අනෙකුත් නිෂ්පාදකයින් ද ශ්‍රී ලංකාවට ඇදී ඒමෙන් අපට වාසිදායක වන බවයි. එම නිසා මම කැමති  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සුභ පතන්න. මෙය වාර්ෂික වැඩසටහනක් විය යුතුයි” යනුවෙන් ඔහු තව දුරටත් පැවසීය.

    දර්ශන තල කළමනාකරුවන් ශ්‍රී ලංකාවට නොවැම්බර් මස 14 පැමිණි අතර නැවත 21 වන දින තම රට බලා පිටත්ව යන ලදී. ශ්‍රී ලංකාවේ නාගරික ජීවිතය පිලිබඳ අත්දැකීම් ලබා දීමට ඔවුන්ව කොළඹ නගර සංචාරයක ගෙන යන අතර අප්‍රසිද්ධ ආකර්ශනීය ස්ථාන හා නකල්ස් වැනි කඳුකර පළාත් වල ද සංචාර සූදානම් කර තිබුණි. තවද ඔවුන් මින්නේරිය ජාතික උද්‍යානය, සිගිරිය, ගාලු ලන්දේසි බලකොටුව හා දකුණු වෙරල තීරයේ ද සංචාරයේ යෙදුනි. බොහෝ විට දර්ශන තල කළමනාකරුවන් ආකර්ශනීය ස්ථාන සෙවීම පමණක් නොව එහි දර්ශන පථ හා මිනිසුන් තමන්ගේ නිර්මාණ වලට දායක කර ගැනීමට සත්කාරක රටට හුරු වීමට ද කටයුතු කරයි.

    ඔවුන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔවුන් සතුට පල කළ අතර ඩේවිඩ් ලීන් හා ස්ටීවන් ස්පීල්බර්ග් වැන්නන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ සම්මාන ලාභී සිනමා සිත්තම් වන ලීන් ගේ 1957 බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි හා  ස්පීල්බර්ග්ගේ 1984 ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටිය රූගත කිරීමට ශ්‍රී ලංකාවේ තොර ගැනීම පුදුමයක් නොවේ.

    ස්ටීවන් ස්පීල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද හා හැරිසන් ෆෝඩ් ප්‍රධාන චරිතය රඟ දක්වන ඉන්ඩියානා ජෝන්ස් කතා මාලාවේ දෙවෙනි චිත්‍රපටය වන ඉන්ඩියානා ජෝන්ස් හා ද ටෙම්පල් ඔෆ් ඩූම් 1984 දොරට වැඩි අතර එය රූගත කිරීමට නියමව තිබුනේ ඉන්දියාවේ රාජස්තාන් ප්‍රන්තයේයි. නමුත් අවශ්‍ය අවසර නොලැබීම හේතුවෙන් මෙහි රූගත කිරීම් මහනුවර සිදු කරන ලදී. අද මෙම නගරය ශ්‍රී ලංකාවේ කඳුකරයට පිවිසෙන දොරටුව ලෙස හැදින්විය හැකි අතරම විශාල සංචාරකයින් ඇදගන්නා නගරයකි.

    මෑත කාලයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද හොඳම සිනමා සිත්තම වන ‘ද රෝඩ් ෆ්‍රොම් එලිෆන්ට් පාස්’ ලංකාවේ සිවිල් යුධ කාලය හා අලිමංකඩ සදහා වූ සටන මතකාවර්ජනය කරයි. 2008 දී මෙම චිත්‍රපටය විදේශීය චිත්‍රපට යටතේ ඇකඩමි සම්මාන වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කල චිත්‍රපටයයි.

    අද සිටින බොහෝ වැඩිහිටියන්ට ජන්ගල් බුක් නැරඹීම ගැන සුන්දර මතකයන් ඇත. මෙහි 1997 දෙවෙනි ජන්ගල් බුක් සිනමා නිර්මාණය, රඩ්යාර්ඩ් කිප්ලින්ගේ ජනප්‍රිය ජන්ගල් බුක් නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටියකි.

    චිත්‍රපටියේ පටිගත කිරීම් බොහොමයක් මහනුවර උඩවත්ත කැලේ සිදු විය. මෙය නගරයට නොබෝ දුරකින් ඇති අතර එහි වදුරන් විශාල ප්‍රමාණයක් දක්නට ඇතත් චිත්‍රපටයේ මෙන් නොව ඇත්තටම කොටියන් නම් නැත.

    එලිසබත් ටේලර් විසින් අලියන් විසින් බිය ගන්වන ලද තේ වත්තක සිටින මෙම්සහිබ් ගේ චරිතයට පන පොවන අතර මෙවැනි මිනිස් හා වනජීවී ගැටළු අදටත් ශ්‍රී ලංකාවේ දක්නට ඇත.

    එලිෆන්ට් වෝක් චිත්‍රපටයේ එලිසබත් ටේලර් වෙනුවට ගත් විවියන් ලේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ සහෝදර බෙවිස් බාවගේ නිවසේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවේ දිගු කලක්  ගත කළහ. අද එම නිවස හා එහි සුන්දර වටපිටාව මෙන්ම සිත් ඇදගන්නා සුළු බ්‍රිෆ් වත්ත මහජනතාව සදහා විවෘතව ඇත.

    මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තව දුරටත් චිත්‍රපටි සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කොටසක් ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර විදේශීය සිනමාකරුවන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට උනන්දු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආකර්ශනීය ස්ථාන චිත්‍රපට පටිගත කිරීමට සුදුසු ස්ථාන ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

    චිත්‍රපටි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා සංවර්ධනය උදෙසා B2B කතිකාවත තුලින් දේශීය සංචාරක කර්මාන්තයේ පාර්ශව කරුවන්ට බ්‍රිතාන්‍ය දර්ශන තල කළමනාකරුවන්/නිෂ්පාදනකරුවන් හමු වීම මහඟු අවස්ථාවක් විය.