බැංකු ඒකාබද්ධයේ අළුත්ම තොරතුරු මෙන්න!

    July, 1, 2014

    මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සැලසුම් කළ පරිදි ඉදිරියට යන බවත් සියළුම බැංකු, මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් මේ වනවිට සිය ඒකාබද්ධ කිරීමේ සැලසුම් සකස් කර අවසන් කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    මේ අනුව, මෙම ආයතන විසින් යෝජනා කර තිබෙන ඒකාබද්ධ කිරීම්, අත්පත් කර ගැනීම් වලට අදාළ සැලසුම් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කර ඇත. මහ බැංකුව පවසන්නේ ලැබී ඇති මෙම සැලසුම් බැංකුව විසින් අධ්‍යනය කරමින් සිටින බවයි.

    ඩී.එෆ්.සී.සී. බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඒකාබද්ධ කිරීම, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සමග MBSL ඉතිරි කිරීමේ බැංකුව සහ MCSL ෆයිනෑන්ෂල් සර්විසස් ඒකාබද්ධ කිරීම යන වැඩසටහන් වලට අදාළ කටයුතු දැනටමත් සිදුකර තිබෙන බව සඳහන්ය.

    මේ අතර, ඇසට්ලයින් කල්බදු සමාගමට ලිස්වින් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම අත්පත් කර ගැනීම සඳහාත් Asian Finance Ltd සමාගම අත්පත් කර ගැනීම සඳහා TKS Finance Ltd සමාගමටත් මුදල් මණ්ඩලය විසින් අවසර ලබාදී තිබේ.

    මේ අතර, තවත් ඒකාබද්ධවීම් කිහිපයකටම මහ බැංකුව අවසර ලබාදී ඇත.

    මෙම ඒකාබද්ධ කිරීම් පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයින් සමගද මහ බැංකුව සාකච්ඡා කර තිබේ.