බැඳුම්කරයේ සල්ලි එද්දී රුපියල ශක්තිමත්

    March, 11, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ ඩොලර් මිලියන 187 ක බැඳුම්කර නිකුතුවේ ඩොලර් වෙළඳ පොළට පැමිණීම හමුවේ අද දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී තිබේ.

    මේ අනුව, අද දිනයේ ගනුදෙනු ආරම්භයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 130.60 ක්වූ අතර ගැනුම් මිල 130.55 ක් විය.

    දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියේ විකුණුම් මිල 130.55 ක්වූ අතර ගැනුම් මිල 130.50 ක් විය.

    මේ අනුව, රුපියල අද දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශත 05 කින් ශක්තිමත් වී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates