බැඳුම්කර කොමිසමට අද දවස තීරණාත්මකයි

    March, 13, 2017

    2015 වසරේ සිදුවූ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද (13) දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

    අද දෙරණ වාර්තාකරු පැවසුවේ අද පෙරවරු 9.30 ට පමණ හිටපු අධිපතිවරයා බැඳුම්කර කොමිසම හමුවට පැමිණි බවයි.

    මේ අතර මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය සිකුරාදා (10) දිනයේ දීද මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.